ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා අනුව හෙළි වනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) රුපියල් 203.50ක් ලෙස සඳහන් වුණා.
මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රු. 203 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
එහි ගැණුම් මිල රුපියල් 199.21ක් ලෙසින් වාර්තා වනවා.