වයස අවුරුදු පහළොවක පාසල් සිසුවියකට ලිංගික අපයෝජනයක් කළ බව කියන 54 හැවිරිදි ඇයගේ ඥාති සීයා කෙනකු සැකපිට දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ මෙම සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක විසින් විදුහලේ ගුරුවරියකට ලබාදුන් තොරතුරක් මත පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව බව දඹුල්ල පොලිසිය පවසනවා.
දඹුල්ල නගරය ආසන්නයේ පාසලක මෙම 15 හැවිරිදි සිදුවියගේ පොත්පත් පරීක්‍ෂා කිරීම් ශිෂ්‍ය නායිකාවන් විසින් සිදුකරද්දී ඉතිහාසය පොතේ පිටු අතරින් “මහතුන් සීයා මට මතක් වෙනවා” යනුවෙන් සටහනක් තබා එහි හදවතක රූපයක් සටහන් කොට තිබීම ගැන මෙම සිසුවියන්ට සැකයක් මතුව ඇති බව පොලිසිය සඳහන් කළා.
ඉතිහාස පොතේ මහතුන් සීයා මතක් වෙනවා යැයි සටහන් තැබූ පහළොස් හැවිරිදි සිසුවිය සමඟ ඉතා සමීප වූ පොලිස් පරීක්‍ෂිකාවක හෙළි කර ගෙන ඇත්තේ මෙම දියණියගේ ළඟම ඥාති සීයා කෙනකු ඇයට අවස්ථා ගණනාවක ලිංගික අතවර කර ඇති බවයි.