අපේක්ෂා රෝහලේ සේවය කරන ශර්මිලා රාජපක්ෂ වෛද්‍යවරිය විසින් ප්‍රතිකාර සිදුකරන දියණියක් විසින් ඇය වෙත ලියූ සංවේදී ලිපියක් ෆේස්බුක් ගිණුමේ පල කර තිබුණා.
එම ලිපිය පහතින්,

මම මට ලැබුණු දෙළුම් ගෙඩියක් Doctor නැන්දිට අවුරුද්දට දෙන්න තියාගෙන හිටියා.
Doctor නැන්දිට අවුරුද්දට ගොඩක් තෑගි හම්බෙයි නේද..?
මම ලොකු වුණාම රස්සාවක් කරලා තෑගි ගොඩක් අරගෙන Doctor නැන්දි බලන්න එනවාමයි.
මම ගොඩක් ආදරෙයි.
අවුරුද්ද දවසට මාව බලන්න එනවද..?
මං බලාගෙන ඉන්නවා Doctor නැන්දි එනකන් යාළුවොත් එක්ක.
අපිට ගෙදර යන්න බෑනේ Doctor නැන්දි. අවුරුද්ද දවසටත් බෙහෙත් කරන්න එනවද..?
සුබ අලුත් අවුරුද්දක් වේවා Doctor නැන්දි.
ඊළඟ ආත්මෙ Doctor නැන්දි කැමති නම් විතරක් මගේ අම්මා වෙන්න.
