මෙම වසරේ මුල් මාස තුන ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් 14 දෙනෙක් මහමග අනතුරු හේතුවෙන් මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ නිලධාරීන් ගණන 22ක් .
නිලධාරීන් 74 ක් සුළු තුවාල ලැබූවන් අතර සිටිනවා.
පසුගිය වසරේ මහමග සිදුවූ රිය අනතුරුවලින් පොලිස් නිලධාරීන් 39 දෙනෙක් මියගොස් තවත් 394ක් බරපතළ සහ සුළු තුවාල ලැබූවා.
එමෙන්ම 2019 වසරේදී මහමග පොලිස් නිලධාරීන් 38 දෙනෙක් මියගියා අතර තුවාල ලැබූවන් ගණන 292 ක්.