කොරෝනා වෛරස් අවදානම නිසා මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත් වන බව උතුරු කොරියාව නිවේදනය කර තිබෙනවා.
දකුණු කොරියාවේ බලාපොරොත්තුව වී තිබුණේ උතුරු කොරියාව සමග ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමටයි.
1988 සෝල් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමෙන් පසු උතුරු කොරියාව ගිම්හාන ඔලිම්පික් උළෙලකට එක් නොවන ප්‍රථම අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.