ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගය ඊයේ (04) රාත්‍රී නෙළුම් පොකුණ රඟහලේ පැවත්වුණා.
එහිදී පුෂ්පිකා ද සිල්වා විවාහක රූ රැජිණ කිරුළ හිමි කරගැනීමට සමත්වුණා.
කෙසේ වුවද එම තරගයේදී කවුරුත් නොසිතූ දෙයක් සිදුවුණා. ඒ පුෂ්පිකා ද සිල්වා හිමි කරගත් කිරුළ හිස දරා සිටීමට හැකි වුයේ විනාඩි ගණනාවක් පමණක් වීමයි.
ආරාධිත අමුත්තන් විවාහක රූ රැජිනියන්ට කිරුළු පළදා වේදිකාවෙන් නික්ම ගිය පසු වේදිකාවට ගොඩ වන හිටපු විවාහක රූ රැජිණවන කැරොලින් ජූරී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසන්නේ කිරුළු පළන් රූ රැජිණ ඒ සඳහා සුදුසු නැති බවයි.
ඊට හේතුව ලෙස ඈ පවසන්නේ තරඟාවලියේ නීති රීති අනුව ඊට එක්වන සෑම තරගකාරියක්ම විවාහක විය යුතු අතර දික්කසාදය වුවන් නොවිය යුතු බවයි , ඉන් අනතුරුව විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනි ස්ථානය දිනාගත් රුවත්තියගේ හිස පළදන්නේ අවසන් තරඟය නැරඹීමට පැමිණි සියල්ලන් මවිත කරමින්.
එම වීඩියෝව පහතින්