නිවෙසේ සකස් කළ කලවම් මැල්ලුමක් සඳහා බටු කොළ යැයි සිතා වැරදී අත්තන කොළ යොදා සකස් කර ආහාරයට ගැනීම නිසා අලව්ව, වෑවල ප්‍රාථමික විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරියක, ඇගේ සැමියා හා දියණිය කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා..
රාත්‍රියේ ආහාරයට සකස් කළ කලවම් කොළ මැල්ලුම ආහාරයට ගැනීමෙන් පසු ඔවුන් තිදෙනා ක්ලාන්තව සිහි මඳ ගතියෙන් පසු වී ඇති අතර ඒ පිළිබඳ එම නිවෙසේ දියණිය අසල්වැසියකුට දුරකථනයෙන් කළ දැනුම් දීමකට අනුව ඔහු පැමිණ වහා ඔවුන් තිදෙනා රෝහල් ගත කර තිබුණා.
පසුව එම කලවම් මැල්ලුම සකසා ගත් කොළ වර්ග පරීක්ෂා කිරීමේදී බටුකොළ හා සමාන හැඩයෙන් යුතු අත්තන කොළ සමඟ තවත් පලා වර්ග කිහිපයක් යොදා මැල්ලුම සකසා ගෙන ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් තිදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ විශේෂ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා..