කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 38 දෙනෙක් පසුගියදා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡාවකට සහභාගි වී තිබෙනවා.
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ බලය තවදුරටත් පවත්වා ගැනීමේ අරමුණ ඇතිව මෙම නාගරික මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සාකච්ඡාව සඳහා වේලාවක් ලබාදුන් බව එම සාකච්ඡාවට සහභාගි වූ නාගරික මන්ත්‍රිවරයෙක් සඳහන් කළා.