කැසිනෝ ව්‍යාපාරයේ හිඟ බදු වශයෙන් රුපියල් මිලියන 2,670ක් (කෝටි 267ක්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අය කර ගැනීමට නියමිතව ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළිවී තිබෙනවා.
අදාළ මුදල අය කර ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ මේ වන විට නඩු පවරා ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබුණා.
ගෙවීම් පැහැරහරින ලද බදු පියවීමේ (විශේෂ විධිවිධාන) පනත් 12 වැනි වගන්තිය ප්‍රකාරව ඉකුත් දෙසැම්බර් 31 වැනි දිනට ලබාදී ඇති හිඟ බදු විස්තරය අනුව, රුපියල් කෝටි 14,450කට අධික මුදලක් අය කර ගත හැකි හිඟ බදු මුදල් වශයෙන් දක්වා ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළි වී ඇති බව සඳහන්.
එසේ අය කර ගත හැකි මුදල රුපියල් 144,537,364,916ක් වනවා.
ඉකුත් දෙසැම්බර් 31 වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති රුපියල් කෝටි 24ක් වටිනා චෙක්පත් 6,878ක් අගරු වී ඇති බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු කාරක සභාව හමුවේ අනාවරණය වුණා.
එම චෙක්පත්වල මුළු වටිනාකම රුපියල් 2,451,465,383ක් වනවා.