තමන් මින් ඉදිරියට කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් වළකින බව ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ෆේස්බුක් සටහනක් තබමින් පවසනවා.
නිරූපමා සේරසිංහ මහත්මියගේ සිදුවීමෙන් පසු මින් ඉදිරියට කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් වළකින බවයි ඇය සඳහන් කරන්නේ.
දේවානි ජයතිලක මහත්මිය සමග නිරූපමා සේරසිංහ මහත්මිය ලබාගත් ඡායාරූපයක් යොදා ගනිමින් ඇය දේශපාලන පක්ෂයකට සහයෝගය දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන ගිය අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම ෆේස්බුක් සටහන තබා තිබුණා.
නීති සහාය ලබා දෙන බව පවසමින් පැමිණ මා සමග ගත් ඡායාරූප අවභාවිතා කළ නිරූපමා සේරසිංහ මහත්මියගේ සිදුවීමෙන් පසු මින් ඉදිරියට කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් මා වළකින බව කණගාටුවෙන් දැනුම් දෙන බවත් මා කිසියම් දේශපාලන පක්ෂයකට ලැදිබව ඇගවීමට යම් කිසි පක්ෂයක් හෝ පුද්ගලයකු උත්සාහ දරන්නේ නම් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඇගේ සටහනේ දැක්වෙනවා.
