ජපානයේ දී හදිසි අනතුරකින් ජීවිතය අහිමි වූ ලාංකිකයෙකුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිව සිටින පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.
සුරංග නම් වන ඔහුගේ දේහය ජපානයේ ගුන්මා කෙන් බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති බවයි ඉන් කියවුණේ.
මියගිය ලාංකිකයාගේ දේහය සහ මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔහුගේ බිරිඳගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කරමින් ඉල්ලා ඇත්තේ හැකි අයට උදව්වක් ලබා දෙන ලෙසයි.


