නුවරඑළිය වැලිමඩ මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක තිරිංග ක්‍රියා විරහිත වීම නිසා ඉදිරියෙන් ගමන් කළ ත්‍රීරෝද රථය මතට පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ අද(01) දහවල් කාලයේයි.
එහිදී ත්‍රීරෝදරථයේ පසුපස ගමන් කළ කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

