• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Entertainment Celebrities

තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

March 31, 2021
in Celebrities, Entertainment, Hot Gossip, Uncategorized
තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා
0
SHARES
116
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

තවත් මාස දෙකතුනක් ඇතුළත නව ගීත නිර්මාණ කිහිපයක් රසිකයන්ට තිළිණ කරන බව ගායන ශිල්පී උරේෂා රවිහාරි gossipking.lk වෙත සඳහන් කළා.

ඉන් එක් ගීතයක් සඳහා වීඩියෝවක් ද නිර්මාණයක කරන බවයි ඇය කියා සිටියේ.

මේ අතර ගායන ශිල්පී උරේෂා රවිහාරි තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුන ආකාරය සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට කරුණු දක්වා තිබුණා.

බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වන්නේ උරේෂාගේ සැමියායි.

ඇය පළ කර තිබු අදහස් පහතින් දැක්වෙනවා.

ඇයි උරේෂා ඔයාගේ හිත දොස්තර මහත්තයෙක් ළඟ නතර වුණේ.

මම මුල ඉඳලම හිතාගෙන හිටියෙ මගෙ මහත්තය වෙනම ක්ෂේත්‍රයක එක්කෙනෙක් වෙන්න ඕනෑ කියලා. අම්මා තාත්තා වුණත් කිව්වේ එහෙම. මොකද හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම එකම ක්ෂේත්‍රයේ වුණාම ක්ෂේත්‍රය කඩා වැටුණොත් ගෙදර ප්‍රශ්න ගොඩගැහෙනවා. මගේ මල්ලිට හොඳට සිංදු කියන්න පුළුවන්කම තිබිලත් තාත්තා එයාව සංගීත කේෂ්ත්‍රයට යොමුකළේ නැහැ. එයාව පරිගණක පැත්තට, අයි.ටී. පැත්තට යොමුකළා. තාත්තා හැම තිස්සෙම බැලුවේ අනාගතය දිහා. ඉතින් මට මේ යෝජනාව ආවා. හඳහන් ගැලපුණා.. දෙන්නා කැමති වුණා. ඊළඟට බැන්දා.

එතකොට ඔයා හඳහන් විශ්වාස කරනවා.?
හඳහන් අවිස්වාස කරන්නේ නැහැ . ඇත්තම කිව්වොත් මම මහ ලොකුවට හඳහන් පස්සෙ යන්නෙ නැහැ. නමුත් ඉතින් විවාහය වගේ ජීවිතේ එක්වරක් විතරක් සිදුවෙන විශේෂ දේකදි හඳහන බලන එක හොඳයිනෙ. ඒකනේ අපේ සාම්ප්‍රදායික ක්‍රමය.

ඔයා ගුවන් විදුලියට යන්න ඇත්තේ තාත්තගේ අතේ එල්ලිලා වෙන්න ඇති.

‘‘නැහැ මං ගියේ සුජාතා ඇන්ටි එක්ක.’’සුජාතා අත්තනායක ඇන්ටි. ඒ කාලේ අපි හිටියෙ නුගේගොඩ ගම්සභා පාරේ ගෙදර ඇනෙක්සියේ. සුජාතා ඇන්ටි සංගීත පංතියක් කළා.’’ මමත් ඒ පංතියේ ශිෂ්‍යාවක්. මං ගියේ මෙලෝඩිකා වාදනය කරන්න. ඒත් සුජාතා ඇන්ටි මගේ ගායන හැකියාව හඳුනගෙන මාව ළමා මණ්ඩපයට එක්කගෙන ගියා… ඒ නිසා ගුවන් විදුලියට මං යනකොට මගේ වයස අවුරුදු හතයි. ඒ කාලේ මං ගායනා කළේ පුංචි පුංචි ළමා ගී..

ඔය කාලේදීම මට ශක්තිය ඔබයි අම්මේ කියන චිත්‍රපටියට ගී පද හතරක් කියන්නත් අවස්ථාව ලැබුණා. ඒ ටෝනි හසන්, සුජාතා ඇන්ටි කියපු යුග ගීතයක්. ඒ ගීතයේ පේලි හතරක් තමයි මට කියන්න ලැබුණේ හැබැයි ඒ පේලි හතර මං ගායනා කළේ පිරිමි ළමයෙක් වෙනුවෙන්.

පිරිමි ළමයෙක් වෙනුවෙන්?
නෑ..නෑ.. ඒකේ අනිත් පැත්ත. පුංචි පිරිමි ළමයින්ගෙයි ගෑනු ළමයින්ගෙයි හඬවල් වල මහ ලොකු වෙනසක් නැහැ.

ඒ කැසට් එක නිෂ්පාදනය කළේ මගේ අම්මා චන්ද්‍රා නේ. ඒකේ නම සුරතල් නංගියේ අපේ අම්මා. ඔය කැසට් එකේ මා එක්ක මල්ලිත් සිංදු කිව්වනේ… ඊට පස්සේ ප්‍රේම් කහානි කියලා හින්දි ගීත කැසට් එකකත් මං සිංදු කිව්වනෙ. ඒ කලෙත් හිංදු සිංදු කියන්න මං හපනි. ඒ කාලෙත් මං ජනප්‍රියයි.

ඊට පස්සේ කසුන් තාරකා කියලත් කැසට් පටයක් ආවනෙ. ඒක නිර්මාණය කළේ තාත්තා. කුලරත්න ආරියවංශ, හේමසිරි හල්පිට වගේ අංකල්ල තමයි ඒ කැසට් එකට සිංදු ලිව්වේ. පංතියේ තැනක පාලුවේ පායා කසුන් තාරකා වගේ සිංදු හුඟාක් ජනප්‍රිය වුණා.

උරේෂා ප්‍රසංග වේදිකාවට පා තබන්නේද ඔය පුංචි සන්දියේදීමයි, හා හා පුරා ගිය සංගීත ප්‍රසංගයේදී ඇය වේදිකාව මතට ඔසවා තබන්නේද ඔබේ තාත්තා බව ආසා තිබෙනවා.

ඔව්නේ. ඒ මතකය අවදි කළ විට උරේෂා සිනාසෙමින් කීවාය. ඒ මීගමුවෙ ෂෝ එකක්.

මතකද කියපු සිංදු එහෙම?
හින්දි සිංදුනේ අයියේ ඒ කාලේ. මගේ හින්දි සිංදු අහන්න තමයි මිනිස්සු කැමැති.

එදා කීයක් විතර හම්බුණාද?
ගණන නම් දන්නෙ තාත්තා. කොහොම හරි ඒ සිංදු සල්ලි බැංකු පොතක් හදලා ඒකට තමා දැම්මේ.

ආඩම්බර ඇති.
පුංචි කාලෙනෙ ඉතිං.

ඒක නෙමේ උරේෂා ඔයා මේ වෙද්දී චිත්‍රපට කීයක විතර පසුබිම් ගී ගයා තියෙනවද?
එකසිය දහඅටක් විතර

මේ දවස්වල ප්‍රසංග නැති එක නම් ලොකු අඩුපාඩුවක් නේද?
අඩුවකටත් වඩා පාඩුවක්. ඔය ෂෝස් වල සිංදු කියලම ජීවත්වෙන අය කොච්චරක්ද? පුංචි කාලේ තනි නොතනියට ගියේ තාත්තා තමා. බැන්දට පස්සෙ ගෙදර හිටියොත් රුචිර එනවා.

දැන් ඔයාට බොඩි ගාඩ් කෙනෙක් ඉන්නවලු නේද?
බොඩිගාඩ් කෙනෙක්? අප්පච්චියේ නැහැ.

එතකොට නෙලූ ප්‍රනාන්දු කියන්නේ කව්ද?
නෙලූ ද? එයා මොන බොඩිගාඩ් කෙනෙක්ද? එයා මගෙ ගමන් සගයා විතරයි. ඇත්තටම දැන් මම මගේ තනියට එක්කගෙන යන්නේ නෙලූව තමා. එයා හොඳම හොඳ යාලුවෙක්.

ඔයා වැඩිපුරම ගී ගයන්න කැමති එළිමහන් ප්‍රසංගවලද ගෘහස්ථ ප්‍රසංග වලද?
මට ඔය කෝකත් එකයි. වේදිකාවට ගැලපෙන විදිහට ගායනා කරන්න ගීත මහගොඩක් මට තියෙනවනෙ.

උරේෂට විදෙස් ප්‍රසංගත් මහ ගොඩක් තිබුණා නේද?
ඔව් . කොරෝනා එන්න කලින් පිටරට ප්‍රසංග පහක් විතර තිබුණා. ඒ ඔක්කොම කැන්සල් වුණානේ.

ප්‍රසංග වලට පිටරට ගියාම ලස්සන තැන් බලන්නත් යනවනෙ නේද?
අපොයි ඔව්. ඉස්සරම ඔය විදෙස් චාරිකා යනකොට තාත්තයි අම්මයි දෙන්නත් යනවනෙ. මට මතකයි මම මුලින්ම ගියේ බහරේන් වලට. ඒ අවුරුදු විසිදෙකකට විතර කලින්. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට, කැනඩාව, සයිප්‍රස්, ඩුබායි, එක්සත් ජනපදය, ඉතාලිය, එංගලන්තය වගේ රටවල් මහ ගොඩකට ගිහින් තියෙනවා.

ඉතාලියට සයිප්‍රස් රටට මං කැමතියි. සයිප්‍රස් වල තියෙන්නෙ අපූරු දේශගුණයක්. මධ්‍යධරණී මුහුද බොහොම සන්සුන්.. ඉපැරණි නටබුන් ප්‍රදේශත් තියෙනවා. එහෙ පල්ලිත් හරි වෙනස්නෙ.එතකොට කැනඩාවේ කඳුමුදුන්වලට හිම වැටිලා හරිම ලස්සනයි. ලෝකෙ කොයි රටෙත් වෙනස් තැන් ලස්සන තැන් තියෙනවනෙ ඉතින්. ඒ හැමතැනකටම මං කැමතියි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

කේ සුජීවාගේ ‘වැඩිමහල් දියණියගේ’ උපන්දින සාදය

Next Post

යකඩ කූරක් ඇනීමෙන් තුවාල වී මරු දුටු බව කී ‘විදුලිබල මණ්ඩලයේ සේවකයාට’ වෙඩි තබලා !

Next Post
යකඩ කූරක් ඇනීමෙන් තුවාල වී මරු දුටු බව කී ‘විදුලිබල මණ්ඩලයේ සේවකයාට’ වෙඩි තබලා !

යකඩ කූරක් ඇනීමෙන් තුවාල වී මරු දුටු බව කී 'විදුලිබල මණ්ඩලයේ සේවකයාට' වෙඩි තබලා !

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.