අද (31)මෙරටට රැගෙන එන සිනෝෆාම් එන්නත් තොගය ලබාදෙන්නේ මෙරට සිටින චීන ජාතිකයන් හට පමණක් බව සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
එම එන්නත් මෙරට ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම සඳහා අනුමැතිය ලැබීමට තවත් දින කිහිපයක් ගත වනු ඇති බව ඔහු සඳහන් කරනවා.
අනුමැතිය ලැබුණු විගස ශ්‍රී ලංකාවේ අනෙකුත් ජන කොට්ඨාශවලටත් එම එන්නත ලබාදීමේ හැකියාවක් තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.