දෙමාපියන් සමඟ ආරවුලක් ඇති කරගෙන වස පානය කිරීමෙන් අනතුරුව අනුරාධපුර නුවර වැවට පැන සිය දිවි නසා ගැනීමට උත්සහ කළ අවිවාහක තරුණියක් දියේ ගිලෙමින් සිටිය දී බේරා ගැනීමට අනුරාධපුර රණසේවා පුර පිහිටි යුද හමුදා කඳවුරේ බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් සමත් වුණා.
තරුණිය ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය 21 හැවිරිදි තරුණියක බව පසුව අනාවරණය කරගෙන තිබෙනවා.
එම තරුණිය පැවැත්වූ පෙම් සබඳතාව බිඳ වැටීම හා දෙමාපියන් සමග ඇතිවූ ආරවුලක් නිසා දිවි නසා ගැනීමට වස පානය කර නුවර වැවට පැන තිබෙන බව ද අනාවරණය වී තිබුණා.
අනුරාධපුර නගරයට පැමිණ ඇති මෙම තරුණිය වස කුප්පියක් පානය කර පුල්ලෙයාර් හංදිය ආසන්නයේ පිහිටි සොරොව්ව අසලින් දියට පැන ඇති අතර ඇය නුවර වැවේ ගැඹුරු දියට ගසාගෙන යද්දී වැව ආසන්නයේ සිටි පිරිසක් සිවිල් ඇඳුමින් සිටි නිලධාරින්ට තරුණියක් දියේ ගසාගෙන යන බව දන්වා තිබෙනවා.
නිලධාරින් දෙදෙනා දියට පැන තරුණිය බේරාගෙන ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.