කොළඹ නාගරික කලාපය ආවරණය වන පරිදි කණු මත ඉදිවන දුම්රිය මාර්ග පද්ධති හතරක් පෞද්ගලික සහ රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඊයේ (30) හෙළිදරව් වුණා.
කොළඹ පවතින වාහන තදබදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස මෙම දුම්රිය මාර්ග පද්ධති ආරම්භ කෙරෙන අතර රක්ත, හරිත, නීල සහ දම් ලෙස මෙම දුම්රිය මාර්ග නම් කර තිබෙනවා.

රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා
42km දිග රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා දිවෙනවා.
හරිත දුම්රිය මාර්ගය 28kmක් දක්වා දිවෙන අතර මොරටුව සිට නාරාහේන්පිට හරහා කැළණිය දක්වා එය ඉදි වනවා.
එමෙන්ම 23kmක් දිග නීල දුම්රිය මාර්ගය කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා දිවෙනවා.
දම් දුම්රිය මාර්ගය, වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා ඉදිවනු ඇති.