ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ වසර 2015-19 පාලන කාල සීමාවේදී සිදුවී ඇතැයි කියන රුපියල් මිලියන දෙකකට ආසන්න අවිධිමත් වියදම් පිළිබඳව එහි හිටපු සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතාගෙන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ප්‍රශ්න කළ බව වාර්තා වනවා.
මතභේදයට තුඩුදුන් එම වියදම් සඳහා පිළිගත හැකි බිල්පත් ඉදිරිපත් වී නැතැයි කියැවෙන පැමිණිල්ලක් මත ඔහුගෙන් ප්‍රශ්න කිරීම් කළ බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ පාලන කාලයේදී කටයුතු කළ සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික සහ ලේකම්වරයාද ගෙන්වා ප්‍රශ්න කරන බවත් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය පවසනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කළ කමිටුවක් මගින් පසුගිය කාලයේදී කායවර්ධන සම්මේලනයේ සිදුවී ඇතැයි කියන මුදල් අක්‍රමිකතා හා පරිපාලන ආරවුල් පිළිබඳව විමර්ශනයක් සිදු කෙරුණා.
එම විමර්ශන වාර්තාව පදනම් කර ගනිමින් සම්මේලනයේ හිටපු ප්‍රධානීන්ට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා දුන් උපදෙස් අනුව ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.
මෙම පරීක්ෂණය අවසන් වන තුරු කායවර්ධන සම්මේලනයේ නිලවරණය (2021-23) අත්හිටුවීමට සිදුවනු ඇතැයි වාර්තා වනවා.