පානදුර – හොරණ මාර්ගයේ ගමන් ගනිමින් තිබූ වෑන් රථයක් වෑකඩ ප්‍රදේශයේදී අද (31) දහවල් ගිනිගෙන දැවී ගිය බව පානදුර දකුණ පොලිසිය සඳහන් කළා.
හොරණ දෙස සිට පානදුර දෙසට මෙම වෑන් රථය ගමන් කර ඇති අතර , වෑන් රථයේ පිටුපසින් ගින්නක් ඇති වන අයුරු මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවකු දැක රියදුරුට පැවසීමෙන් අනතුරුව වාහනය අයින් කර නවතා තිබෙනවා.
ගින්න වැඩි වීමත් සමගින් රියැදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලකු වෑන් රථයෙන් පැන දිවි බේරාගෙන ඇති අතර , මොරටුව නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න මැඩ මැඩ පවත්වා ඇති බව වාර්තා වනවා.