පොලිස් නිලධාරියෙකු සිවිල් වැසියෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා
මේ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් ද විමසීමක් සිදු කෙරුණා
අදාළ රියැදුරා සිය ලොරිය පදවාගෙන යද්දී සේවයේ යෙදී සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඇති අතර රථවාහන ස්ථානාධිපතිවරයා මේ වන විට කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා
පසුව මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයෙකු අදාළ රියැදුරාට මෙලෙස පහර දී තිබෙනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, රියැදුරා අත වැරදි පැවතිය හැකි නමුත් පොලිස් නිලධාරියා කළ පහර දීම පොලිසිය අනුමත නොකරන බවයි
මෙම පොලිස් නිලධාරියා ක්‍රීඩකයෙක්ද කියා පත්තරේ වැඩසටහනින් විමසු විට ඔහු හිටපු ක්‍රීඩකයෙක් බවද සඳහන් කරනු ලැබුවා