• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Hot Gossip

අපි යන ගමන් කතාකරමු කියා තරුණියන්ගේ සියල්ල උස්සන අනංගයා මාට්ටු

March 30, 2021
in Hot Gossip
අපි යන ගමන් කතාකරමු කියා තරුණියන්ගේ සියල්ල උස්සන අනංගයා මාට්ටු
0
SHARES
71
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

බස් රථවල ගමන් කරමින් එහි ගමන් ගන්නා තරුණියන් සහ කාන්තාවන් සමග පෙම් සබඳතා පවත්වා පසුව ඔවුනට මත්ද්‍රව්‍ය මිශ‍්‍ර පානයන් ලබාදී ඔවුන් සිහිසුන්කොට ඔවුන් පැළඳි රන් අභරණ, මුදල් සහ ජංගම දුරකථන පැහැර ගැනීම් මහෙය වූ හිටපු යුද හමුදා සෙබළකු මීගමුව අපරාධ කොට්ඨාසය විසින් 27 දා අත්අඩංගුවට ගෙන ඇත.


මෙම සංවිධානාත්මක පැහැර ගැනීම් ගිරිඋල්ල, පොල්පිතිගම, කෑගල්ල, වරකාපොල, හසලක, උඩුදුම්බර, හලාවත, අවිස්සාවේල්ල, ආනමඩුව, කැකිරාව යන ප‍්‍රදේශවල බස් රථවලින් ගමන් කරමින් සිටි කාන්තාවන් සහ තරුණියන්ට මත් මිශ‍්‍ර කෑම වර්ග සහ මත්ද්‍රව්‍ය කලවම්කළ බීම ලබාදී ඔවුන් සිහිසුන්කොට පැහැර ගැනීම් 15කට අධික සංඛ්‍යාවක් සිදු කර ලක්ෂ 50කට අධික රන් අභරණ මුදල් සහ ජංගම දුරකථන පැහැරගෙන ඇති බව මූලික විමර්ශනවලින් සහ සැකකරුගේ පාපොච්චාරණ මගින් හෙළි වී ඇත.

මෙම සැකකරු වූ හිටපු යුද හමුදා භටයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුවත්පතක පළවූ මංගල යෝජනාවකට අදාළව තරුණියක් සමග බස් රථයකින් ගමන් ගනිද්දී ඇයට මත් මිශ‍්‍ර පානයක් ලබාදී සිහිසුන් කර ඇගේ ඒ. ටී. එම්. කාඞ්පත පැහැර ගෙන එයින් ලක්ෂ 2ක මුදලක් වංචනිකව ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවති විමර්ශනයේදීය.

මෙම සිද්ධියට අදාළ ප‍්‍රසන්න පෙනුමක් ඇති තරුණිය දිවියිනේ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක හෙදියකි. ඇය 23 හැවිරිදිය. ඇගේ මව විසින් තම දියණිය වෙනුවෙන් පුවත්පතක මංගල යෝජනාවක් පළකර ඇත. එම යෝජනාවේ ඔවුන්ගේ දුරකථන අංකය සඳහන් කර ඇත.

එම යෝජනාව පළවී සතියකින් පමණ පසු තරුණියගේ නිවසට සැකකාර හමුදා භටයා විසින් දුරකථන ඇමතුමක් ලබාදී ඇත. එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ තරුණියගේ මව පමණකි. සැකකරු එහිදී විවාහ යෝජනාවට කැමැත්ත පළ කර තරුණියගේ ජංගම දුරකථන අංකය මවගෙන් ඉල්ලා ගෙන ඇත.

ඒ අනුව සැකකරු කිහිපවරක් තරුණිය සමග දුරකථන සබඳතා පවත්වා ඇත. පසුව ඇයව ඔහු හමුවීමට මීගමුව බස් නැවතුම්පළට කැඳවා ඇත. එහිදී සැකකරු තරුණියට යෝජනා කර ඇත්තේ දෙදෙනා බස් රථයකින් කොළඹ යෑමටත්, බස් රථයකින් ආපසු මීගමුවට ඒමටත්ය.

ඒ අතරතුර දෙදෙනාට නිදහසේ කතා කරගත හැකි බව සැකකරු විසින් තරුණියට යෝජනා කර ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනා බස් රථයකින් කොළඹට ගොස් ආපසු පැමිණීමට බස් රථයකට ගොඩ වී ඇත. එහිදී සැකකරු මත් මිශ‍්‍ර කේක් සහ සිසිල් බීමවලින් තරුණියට සංග‍්‍රහ කර ඇත. ඒ පෑලියගොඩ ප‍්‍රදේශය පසුවෙද්දීය. ඒ සමග තරුණිය සිහිසුන් තත්ත්වයට පත්ව ඇති අතර ඇය යළි ප‍්‍රකෘති තත්වයට පත්ව ඇත්තේ මීගමුව නගරයට ආසන්න වන අවස්ථාවේදීය. ඇය වහා සෝදිසි කර බලද්දී යෝජිත මනමාලයා ඇගේ අභරණ, මුදල් සහ ඒ. ටී. එම්. කාඞ්පත රැගෙන අතුරුදන් වී ඇත.
ඇය තම බැංකු කාඞ්පත අස්ථානගත වී ඇති බවට වහා අදාළ බැංකුව වෙත දැනුම් දෙන විටත් සැකකරු තරුණියගේ බැංකු කාඞ්පත මගින් රුපිල් ලක්ෂ 2ක් ගෙන සොයා ගත නොහැකි ලෙස සැකකරු අතුරුදන්ව ඇත.
පසුව මේ පිළිබඳව විසින් සැකකරුගේ දුරකථන පණිවිඩ හුවමාරු ඔස්සේ පරීක්ෂණ පවත්වා වරාවැව මවගේ නිවසේ සැඟවී සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු හමුදා සේවයේ වෛද්‍ය අංශයේ සේවය කොට ඉවත් වූ බව දැන ගන්නට ඇත. ඔහු සිහිසුන් කරන බෙහෙත් වර්ග පිළිබඳව මනා දැනුමක් ඇති අයෙකි. වැඩිදුර විමර්ශන සඳහා ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පුද්ගලයන් මත් කිරීමට සූදානම් කර තිබූ යෝගට්, බීම වර්ග සහ කේක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊට අමතරව තරුණියන්ගෙන් පැහැරගත් අත්බෑග් රැුසක්ද අත්අඩංගුවට ගෙනඇත. තවද අධි මාත‍්‍රාවෙන් යුත් මත් පෙති සහ නිදිි පෙති තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි විවාහකයෙකි. පැහැරගත් රන් අභරණ ඔහු නිකවැරටිය ප‍්‍රදේශයේ රන් හලකට විකුණා ඇත.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ආණ්ඩුව ගස් කපනවා මම නම් සම්පූර්ණයෙන් විරුද්ධයි – බදියුදීන් කියයි

Next Post

රියදුරාට උඩ පැන පැන ගුටි දුන්නේ පොලිසියේ ක්‍රීඩකයෙක්

Next Post
රියදුරාට උඩ පැන පැන ගුටි දුන්නේ පොලිසියේ  ක්‍රීඩකයෙක්

රියදුරාට උඩ පැන පැන ගුටි දුන්නේ පොලිසියේ ක්‍රීඩකයෙක්

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.