පොලිස් දෙපාර්තමේන්තුවේ සුනඛ අංශයට සුනඛයන් 60 දෙනකු ගෙන්වා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි වාර්තා වනවා.
පුපුරන ද්‍රව්‍ය සහ විවිධ අපරාධවල සැකකරුවන් අල්ලා ගැනීම සඳහා ඔවුන් යොමු කිරීමට නියමිතයි.
දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින පොලිස් සුනඛයන් විශ‍්‍රාම යෑමෙන් මෙන්ම මියයෑමෙන් පසු සුනඛයන්ගේ හිඟය බලපෑ බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
මෙම ටෙන්ඩර් සඳහා පෞද්ගලික සමාගම් 4 ක් දැනටමත් ඉදිරිපත් වී සිටිනවා.