පුද්ගලයන් දාහතර දෙනකුට මරු කැඳවමින් ලුණුගල – පස්සර මාර්ගයේ 13 කණූව ප්‍රදේශයේදී මාරක බස් අනතුර සිදුවූ ස්ථානය යකඩ බට යොදා ගනිමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.
මාර්ග අනතුරුදායක බව දැක්වෙන මාර්ග පුවරුද සවි කිරීමට මාර්ග සංවර්ධනයේ යෙදුණු සේවකයන් පියවර ගෙන ඇති බවයි gossipking.lk වාර්තාකරු සඳහන් කළේ.
මීට අමතරව මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවල වේගය පාලනය කිරීම සදහා මාර්ගය හරහා මාර්ග බාධක යෙදීමේ කටයුතුද ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතතත් අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය අවහිර වන ලෙස වැටී තිබූ දැවැන්ත ගල් පර්වතය තවමත් ඉවත්කර නැහැ.
මෙම අනතුර සිදුවූ ලුණුගල පස්සර මාර්ගයේ තවත් මෙවැනි අනතුරුදායක ස්ථාන රැසක් ඇති බවද රියැදුරෝ පවසනවා.