පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මින් පෙර අග්‍රාමාත්‍යවරයාට ද කොරෝනාවෛරසය ආසාදනය වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා.
අග්‍රාමාත්‍යවරයාට කොරෝනාවෛරසය ආසාදනය වූ බව තහවුරු වී පැය කිහිපයකට පසු නිකුත් වූ වාර්තා අනුව ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබිට ද වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
බුෂ්රා බිබිගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අනාවරණය වී නොමැති බව ද අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් මේ වන විට තම නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.