විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා කියන්නේ කුලුඳුලේ මව් පිය පදවි හිමි කර ගනු ලැබූ ආදරණිය යුවළක්.
ඉතින් ඔවුන්ට ඉපදුන පුංචි දියණියගේ නම මොකක්ද කියන එක බලාපොරොත්තුවෙන් බොහෝ දෙනෙක් මග බලාගෙන හිටියා. පසුගිය දින කිහිපයක් සමාජ මාධ්‍ය පුරාම පැතිරුනේ පුංචි දියණියගේ නම ‘අන්වි ‘ ලෙස නම් කර ඇති බවටයි.
නමුත් එය එසේ නොවී තිබිණි. අන්වි ලෙස පවසා ඇත්තේ අනුෂ්කා සහ විරාත් කියන නම් දෙකේ මුල් අකුරු බව තමයි අනුෂ්කා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ .
විරාත් සහ අනුශ්කා පුංචි දියණිය සමගින් ඉන්න ඡායාරූපයක් එක් කරමින් ඇයගේ නම ‘වාමිකා’ බවයි එහි සඳහන් කර තිබුණේ.
මේ තියෙන්නේ එම ආදරණිය ඡායාරූපය,

