ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක් ආසාදිත පුද්ගලයන් මෙරටින් වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසුවේ මේ වන විට මෙම නව කොවිඩ් වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඩෙන්මාර්කය, අයිස්ලන්තය, එංගලන්තය සහ ජර්මනිය යන රටවලින් පමණක් බවයි.
මෙරටට විදේශයක සිට පැමිණි පුද්ගලයකුගෙන් මෙම නව වයිරසය හඳුනාගෙන ඇති බව සඳහන්.
පසුගිය සති දෙක ඇතුළත විදේශයේ සිට පැමිණි අයගේ සහ ලංකාවේ විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථානවලදී එකතු කරගන්නා ලද කොවිඩ් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී මෙම වයිරසය හමු වී තිබුණා.
වයිරසය එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වූ නව කොවිඩ් වයිරසයට වඩා වෙනස් බවද වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.
එය B 1.258 ලෙස හැඳින්වේ.
එසේම මෙය ප්‍රතිදේහජනක පරීක්ෂණවලට හසු නොවන බවද වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළා.