• Home
  • Advertise
  • Contact
Sunday, April 11, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

වට්ස්ඇප් සහ වයිබර් ගැටුම

January 12, 2021
in Hot Gossip
වට්ස්ඇප් සහ වයිබර් ගැටුම
0
SHARES
55
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නොමිලේ කාර්යක්ෂම සන්නිවේදන සේවා සපයන ලොව ප්‍රමුඛතම ඇප් මෘදුකාංගයක් වන වයිබර්, තවත් ප්‍රධාන පෙළේ සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වට්ස්ඇප්හි රහස්‍යතා ප්‍රතිපත්තියේ නව සංස්කරණය පිළිබඳ සිය බලවත් විරෝධය පළ කරනවා.

මීට ඉහතදී වට්ස්ඇප් පරිශීලකයින්ට තම වට්ස්ඇප් අංකය ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීමෙන් වැළකී සිටිමේ හිමිකම ලැබී තිබුණ ද, ඉදිරියේදී එය ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීම අනිවාර්ය වී තිබෙනවා. සියලු වට්ස්ඇප් පරිශීලකයින් දින 30ක් ඇතුළත මෙම කොන්දේසියට එකඟ විය යුතු අතර, එසේ නොවන විට ඔවුන්ට තම වට්ස්ඇප් ගිණුම භාවිත කිරීමට නොහැකි වනු ඇත.

මෙම තත්ත්වය තුළ වට්ස්ඇප් පරිශීලකයින් මුහුණ දෙන අවදානම් තත්ත්වය පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට, වට්ස්ඇප් සම-නිර්මාතෘ බ්‍රයන් ඇක්ෂන් 2018 වසරේදී පාර්මි ඔල්සන් සමඟ ෆෝබ්ස් වෙනුවෙන් ලබාදුන් සම්මුඛ සාකච්ඡාව පිළිබඳව අවධානය අවධානය යොමු කරමු.

ඔහු එහිදී තමන් වට්ස්ඇප් වෙතින් සමුගැනීමේ හේතුවත්, ෆේස්බුක් පරිශීලකයින්ට තම ෆේස්බුක් ගිණුම මකා දමන ලෙසට තමා ට්විටර් හරහා ප්‍රකාශ කිරීමේ හේතුවත් පැහැදිලි කරයි. “විශාල ආර්ථිකමය ප්‍රතිලාභයක් වෙනුවෙන් මම මගේ ග්‍රාහකයන්ගේ (වට්ස්ඇප්) රහස්‍යතාව විකුණා දැමුවා. ඒ තීරණය නිසා අද බොහෝ දෙනෙකු දුෂ්කරතාවයට පත් වී සිටිනවා. ගත වෙන හැම දවසක දීම ඒ ගැන මා පසුතැවෙනවා.” ඔහු එහිදී ප්‍රකාශ කළේය.

මෙසේ තම රහස්‍යතා ප්‍රතිපත්තියේ නවතම සංස්කරණය තුළින් ෆේස්බුක් තුළට මුළුමනින්ම අන්තර්ග්‍රහණය වීමට වට්ස්ඇප් ක්‍රියාකර තිබේ. මෙසේ වට්ස්ඇප් සහ ෆේස්බුක් පරිශීලකයින්ගේ දත්ත එකම ස්ථානයකට ගොනු වීමත් සමඟ, ඒවා පෙරට වඩා වැඩි වශයෙන් මූල්‍යමය ප්‍රතිලාභ වෙනුවෙන් භාවිත කිරිමේ හැකියාව විවර වේ.

සන්නිවේදන කටයුතුවලදී තම රහස්‍යභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන පුද්ගලයින් මේ පිළිබඳ දැඩි සැළකිල්ලක් දැක්විය යුතුව පවතී.

ඉකුත් ජනවාරි 4 වැනිදා දක්වා වට්ස්ඇප්හි පරිශීලක එකඟතා ලේඛනයේ මෙසේ සඳහන්ව තිබුණි.

“ඔබේ පෞද්ගලිකත්වයට ගරු කිරීම අපි ප්‍රමුඛතාවයෙහි ලා සළකන්නෙමු. අපි වට්ස්ඇප් ආරම්භ කළ අවස්ථාවේ පටන් ම රහස්‍යතාව පිළිබඳ දැඩි ප්‍රතිපත්ති පෙළක් මත අපගේ සේවාවන් පිරිනමන්නෙමු”.
“කෙසේ වුව ද, ඔබගේ වට්ස්ඇප් පණිවුඩ අන් අයට දර්ශනය වීම සඳහා ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීමක් සිදු නොවේ. අපගේ මෙහෙයුම් සහ සේවාවන් පිරිනැමීමේ කාර්යය සඳහා සහාය වීම හැරුණු විට, සෙසු කිසිම අරමුණක් උදෙසා ෆේස්බුක් ඔබගේ වට්ස්ඇප් පණිවුඩ භාවිත නොකරනු ඇත”.
මේ වනවිට ඉහත කී ප්‍රකාශ දෙක ම රහස්‍යතා ප්‍රතිපත්තියෙන් ඉවත් කර දමා තිබේ.

මෙසේ වට්ස්ඇප් තම පරිශීලකයින්ගේ රහස්‍යතාව අවදානමේ හෙළන අවස්ථාවක, පරිශීලකයින්ගේ දත්ත සුරක්ෂිත කිරීම සඳහා වයිබර් සතු ප්‍රධාන විශේෂාංග කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ හැක. ඒවා නම්,

● නොමිලේ ලබාගන්නා පෞද්ගලික ඇමතුම් හා කෙටි පණිවුඩ යැවීමේදී කිසිදු විශේෂ සැකසුමකින් තොරව අදාළ පරිශීලකයින් දෙදෙනා අතර පමණක් දත්ත හුවමාරු වන බව (End-to-end encryption by default) සහතික කෙරේ. වඩාත් සරලව හා පැහැදිලිව පැවසුවහොත් කිසිවෙකුට හෝ (වයිබර් ආයතනයට පවා) ඔබේ ඇමතුම් හා කෙටි පණිවුඩ වෙත ප්‍රවේශ වීමේ හැකියාවක් නැත.

● එමෙන්ම වයිබර් හරහා යවන කෙටි පණිවුඩ, වයිබර් හෝ වෙනත් ක්ලවුඩ් අවකාශයක් තුළ ගබඩා කිරීමක් සිදු නොවේ. එසේ වයිබර් හරහා හුවමාරු කරගන්නා කෙටි පණිවුඩ ක්ලවුඩ්හි ගබඩා කිරීමට පරිශීලකයින්ට අවශ්‍ය නම්, ඔවුන්ට අවශ්‍ය පරිදි එය සිදුකළ හැකි නමුත් වයිබර් තම පරිශීලකයින්ගේ කෙටි පණිවුඩ හෝ ඇමතුම් කිසිදු අයුරකින් ගබඩා කරගැනීමක් සිදු නොකරයි.

● වයිබර් හඳුන්වා දෙන උසස් ම තලයේ දුරකථන තිරයේ රහස්‍යතාව (Screen Privacy) මගින් අදාළ චැට් එක තුළදී ස්වයංක්‍රීයව මැකී යන කෙටි පණිවුඩ සේවාවක් මෙන් ම, රහස් කේතයක් හරහා පමණක් විවෘත කළ හැකි චැට් සංවාද පවත්වාගැනීමේ අවස්ථාව ද සලසා දෙයි.

● වයිබර්හිදී හුවමාරු වන දත්ත කිසිවක් ෆේස්බුක් සමඟ හුවමාරු කර නොගැනේ. ෆේස්බුක් සමඟ ඇති තම සියලු ම ව්‍යාපාර සබඳතා නවත්වා දැමීමට වයිබර් පියවර ගෙන තිබේ. එම නිසා පරිශීලකයින්ගේ කිසිදු තොරතුරක් (දුරකථන අංකය හා පෞද්ගලික දත්ත) කිසිදු හේතුවක් මත ෆේස්බුක් සමඟ හුවමාරු කර නොගැනේ.

වට්ස්ඇප් තම රහස්‍යතා ප්‍රතිපත්තියට අලුතින් හඳුන්වා දී ඇති සංස්කරණය නිසා රහස්‍යතාව විසුළුවට ලක්වෙනවා. මේ හරහා තම පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව වට්ස්ඇප් නොසළකා හැර ඇති ආකාරය හොඳින් පැහැදිලි යි. ඒ වගේ ම ඔවුන් තම පරිශීලකයින්ට කර ඇත්තේ විශාල අගෞරවයක්. ඉදිරියේදීත් ඔවුන් ඒ අයුරින් ම කටයුතු කරන බව පැහැදිලියි.

මෙම පසුබිම මත අන් කවරදාටත් වඩා වයිබර්හි රහස්‍යතා ප්‍රතිපත්තිය පිළිබඳව මම ආඩම්බර වෙනවා. එම නිසා උපරිම ලන්සුවට අලෙවි වෙන දත්ත බවට පත්වීමට අකමැති සියලු දෙනා ම අපි වයිබර් වෙත සෙනෙහසින් පිළිගන්නවා”, යනුවෙන් රකුටෙන් වයිබර් ප්‍රධාන විධායක නිලධාරී ජාමෙල් අගවුඩා මහතා පැවසීය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

නිවසට ඇවිත් මාව වසර දෙකක් තිස්සේ දූෂණය කළා

Next Post

ඔන්ලයින් ක්‍රමයට නිරුවත පෙන්නු කාන්තාවන් 6ක් අල්ලයි

Next Post
ඔන්ලයින් ක්‍රමයට නිරුවත පෙන්නු කාන්තාවන් 6ක් අල්ලයි

ඔන්ලයින් ක්‍රමයට නිරුවත පෙන්නු කාන්තාවන් 6ක් අල්ලයි

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.