ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා ගුවන්යානයට ඇතුළුවීමට පෙර සියලු සංචාරකයින් කොවිඩ්-19 ආසාදනය නොවූ අයෙකු බවට තහවුරු කළයුතු බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.
එක්සත් රාජධානිය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් හඳුනාගත් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයන් හි ආසාදිතයින් කිහිපදෙනෙකු එරටින් හඳුනාගැනීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නිරෝධායන හෝටල් සේවකයින් දෙදෙනෙකුට එම නව වෛරස් ප්‍රභේද ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.
කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වනවිට ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයකට සංචරණ සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.