• Home
  • Advertise
  • Contact
Sunday, January 24, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip
    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Hot Gossip

නිවසට ඇවිත් මාව වසර දෙකක් තිස්සේ දූෂණය කළා

January 6, 2021
in Hot Gossip
නිවසට ඇවිත් මාව වසර දෙකක් තිස්සේ දූෂණය කළා
0
SHARES
180
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

සිය නිවසට පැමිණෙන පුද්ගලයන් විසින් දෙවසරක කාලයක් තිස්සේ හැම සති අන්තයකම තමා දූෂණය කරන ලද බව දොළොස් හැවිරිදි ඉන්දීය දැරියක් මානසික උපදේශකයන් ඉදිරියේ කියා සිටියාය.

එම දූෂකයන්ගෙන් ඇතැමෙක් නන්නාඳුන පුදගලයන් වූ අතර, තවත් කොටසක් තම පියාගේ මිතුරන් වූ බවත් ඇය පවසන්නීය.

දැරිය පවසන ආකාරයට මේ අතවර කිරීම් ආරම්භ වී තිබෙන්නේ ඇයගේ පියා සිය මිතුරන්ට මත්පැන් පානය සඳහා නිවසට ආරාධනා කිරීමත් සමඟය. මත්පැනින් වෙරි වූ පියාගේ මිතුරෝ දැරියගේ දෙමව්පියන් ඉදිරිපිටම ඇයට විහිළු කිරීමට සහ ඇය අතපත ගාන්නට පටන්ගෙන ඇත.

වෙරිකාරයන් ඇතැම් අවස්ථාවන්හි, ඔවුන්ගෙන් එක් තැනැත්තෙකු පමණක් මත්පැන් ගඳින් යුත් ගෙයි නිදන කාමරයේ සිය මවත් සමඟ ඉතිරි කරමින් පිටව අතුරුදහන් වූ බවත් දැරිය පවසන්නීය. එක්තරා දිනයක දැරියගේ පියා සිය මිතුරකු සමඟ ඇය නිදන කාමරයට තල්ලුකොට එය පිටින් අගුළු දැමූ අතර එම ආගන්තුකයා දැරිය දූෂණය කළේය.

එදා පටන් එම දැරියගේ ළමා ජීවිතයේ නපුරු අවධිය ආරම්භ විය.

එතැන් පටන් ඇයගේ පියා සිය දියණිය සඳහා ගැණුම්කරුවන් ඇණවුම් කරමින් ඔවුන්ගෙන් මුදල් අය කිරීමට පටන් ගෙන ඇත. එතැන් පටන් අඩු තරමින් තිස් දෙනෙකුවත් දැරිය දූෂණය කරන්නට ඇතැයි මානසික උපදේශකයෝ අනුමාන කරති.

මේ අතර පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා ගුරුවරුන්ගෙන් ලද ඔත්තුවක් අනුව දැරිය උගත් පාසලට පැමිණි ළමා ශුභසාධන අංශයේ නිලධාරීන් පිරිසක් ඇය රැගෙන ගොස් ළමා රැඳවුම් නිවසක නතර කළහ.

දැරිය දූෂණය කරනු ලැබ ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි ළමා ශුභසාධන නිලධාරීහු පවසති.

එම ළමා අපචාර අපරාධය සම්බන්ධයෙන් දැරියගේ පියා ඇතුළු හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
දූෂණය කිරීම, කාම අපරාධ සඳහා ළමයකු යොදා ගැනීම සහ ලිංගික අඩන්තේට්ටම් යන චෝදනා යටතේ ඔවුන්ට නඩු පවරා අති අතර, ඇප දීම ප්‍රතික්ෂේප කෙරුණි. තමන් ඉහත කී චෝදනාවලට නිවැරදිකරුවන් වන බව චූදිතයෝ කියා සිටිති.

දැරිය දූෂණය කිරීම සහ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන තවත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සෝදිසි කිරීම පෙරට යමින් පවතී.

පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන් විසින් දැරියගේ පවුල හඳුනන පුද්ගලයන් විසිපස් දෙනෙකුගේ පමණ නම් සහ පින්තූර සකස් කර ඇති අතර, හඳුනා ගැනීම සඳහා ඒවා දැරියට පෙන්වා ඇති බවත් ප්‍රකාශ විය.

“මට ඔවුන්ගේ මුහුණු මතක නැහැ, සියල්ල අපැහැදිලියි” දැරිය නිලධාරීන්ට ප්‍රකාශ කළාය.

දැරිය අයත් පවුල ජීවත් වී තිබෙන්නේ දකුණු ඉන්දියාවේ මනහර කඳුවලින් සහ පිරිසිදු ජලදහරාවන්ගෙන් සපිරි, පිරිසිදු වාතයෙන් යුත් සෞභාග්‍යමත් නගරයකය.

එහෙත් දැරියගේ පවුලේ කටයුතු නිසා ඔවුන් නිවසන නගරයේ වාසනාව අතුරුදහන් වී ගිය ආකාරයක් දැන් දක්නට ලැබෙයි.

සැප්තැම්බර් 30 වෙනිදා පාසලට දැරිය පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ ඇය සිටින නගරයේ ජීවත් වන ගුරුවරුන් කීප දෙනෙකුගෙනි.

“මේ දැරියගේ පවුලේ යම්කිසි වැරදි ක්‍රියාවක් සිදු වෙනවා. ඇයගේ නිවසේ යම්දෙයක් සිදුවෙමින් පවතිනවා. දැරියගෙන් අදහසක් ලබා ගැනීමට උත්සාහ කරන්න,” එම ගුරුවරු පාසල් පරිපාලනයට දැනුම් දී ඇත.

එම තොරතුරත් සමඟ පාසල් පරිපාලනය ගත් ක්‍රියාමාර්ගය වුණේ, වහාම කාන්තා සහන සංවිධානයක උපදේශිකාවක් සම්බන්ධ කර ගැනීමය.

ඊළඟ දිනයේ උදෑසන එම උපදේශිකාව පාසලට පැමිණියාය.

ඔවුහු ගුරු කාමරයක දී මුහුණට මුහුණ ලා හිඳ ගත්හ.

පාසලේ උඩුමහලේ සිටි දැරියගේ මව එහි සිදුවෙමින් පවතින්නේ කුමක්ද? යන්න දැන නොසිටියාය.

“මට කියන්න” උපදේශිකාව දැරිය ආමන්ත්‍රණය කළාය.
“ඔබේ පවුල සහ ඔබ ගැන තොරතුරු මට කියන්න.”

දෙදෙනා අතර සංවාදය පැය හතරක කාලයක් දුරදිග ගියේය.

“තාත්තාට රැකියාවක් නැහැ. අපි ගෙවමින් ඉන්නේ දුෂ්කර කාලයක්,” දැරිය ප්‍රකාශ කළාය.

“ගෙවල් කුලිය ගෙවන්න බැරි නිසා කොයි මොහොතේ අපි ගෙදරින් දොට්ට දමාවිද කියන්න බැහැ,” එසේ පැවසූ දැරිය ඉකිබිඳ හඬන්නට වූවාය.

අනතුරුව ඇය නිහඬ වූවාය. උපදේශිකාව අදහස් දක්වමින්, පාසලේ ලිංගිකත්වය අනුව වර්ග කෙරුණ පංති ගැන විස්තර කොට ළමා අපචාර කොතරම් සුලබව සිදු කෙරෙන්නේ දැයි දැරියට පැහැදිලි කළාය.

“මගේ ගෙදරත් යම්කිසි දෙයක් සිදුවෙනවා. මගේ තාත්තා මගේ අම්මාව අපයෝජනය කරනවා,” දැරියත් කතාබහට එක්වෙමින් සඳහන් කළාය.

“මට තොරතුරු දැනගන්න පුළුවන්ද?”උපදේශිකාව යෝජනා කළාය.

සිය මව හමුවීමට පැමිණි තැනැත්තෙක් තමාට වරක් අතවර කළ බව දැරියගේ පිළිතුර විය.

දැරියගේ මව එම අවස්ථාවේ එකී පුද්ගලයාට අවවාද කර ඇත. එහෙත් තමා පාසල් ගිය පසු බොහෝ මිනිසුන් සිය මව හමුවීමට පැමිණි බව දැරිය පවසන්නීය.

ඉන් පසුව විවිධාකාරයේ බොහෝ මිනිස්සු දැරියගේ නිවසට යාමට – ඒමට පටන් ගත්හ.

“මත් සාදවලින් පසු එම ආගන්තුකයන් තමා ලිංගික වශයෙන් අපයෝජනය කළ,” බව දැරිය පැවසුවාය.

ගැබ් ගැනීම හෝ අසනීපවලට ගොදුරුවීම වැළැක්වෙන උපක්‍රම පිළිබඳව දැන සිටියේදැයි උපදේශිකාව විමසූ විට දැරිය දුන් පිළිතුර මෙසේ විය.

“නැහැ! නැහැ! අපි ‘කොන්ඩම්’ පාවිච්චි කළා.”

තමා ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බව සාකච්ඡාව මැද දී දැරිය පිළිගත් පළමු අවස්ථාව එය විය.

ඉන් අනතුරුව ඇය තමාට ළමා විය අහිමි කළ ඛේදජනක කතන්දරය අනාවරණය කළාය.
“මිනිස්සු ඇවිත් මගේ අම්මාව නිදන කාමරයට අරගෙන ගියා. මම හිතුවා – ඒක සාමාන්‍ය දෙයක් කියල. ඊට පස්සේ තාත්තා මාව ආගන්තුකයනුත් එක්ක කාමරේට තල්ලු කෙරුව.”

“සිය නිරුවත් ඡායාරූප ගෙන තමා දූෂණය කළ මිනිසුන්ට යවන ලෙස තාත්තා ඇතැම් දිනවල බල කරන ලද,” බවත් ඇය පවසන්නීය.

මේ වසර මුලදී මාස තුනක පමණ කාලයක් තමා ඔසප් නොවීමෙන් දෙමව්පියන් කලබලයට පත් වූ බවත් දැරිය හෙළි කළාය.

ඔවුන් සිය දියණිය වෛද්‍යවරයකු කරා ගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරයා ‘අල්ට්‍රාසවුන්ඩ්’ පරීක්‍ෂණයකින් (ultrasound test) පසු බෙහෙත් වර්ගයක් දී ඇත.

මෙම දැරිය කාලයක් තිස්සේ දූෂණය කෙරෙමින් පැවති බව උපදේශිකාවගේ නිගමනය වෙයි. අනතුරුව ළමා ශුභසාධක නිලධාරීන්ට කතා කළ ඇය දැරිය රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන යන බව දැනුම් දුන්නාය. දැරිය ඒ සඳහා නොපැකිළව එකඟ වෙන බවක් ප්‍රදර්ශනය විය.

ගුරුවරුන් සමඟ කතාබස් කරමින් සිටි දැරියගේ මව සිය දියණිය මෝටර් රථයක් කරා ගෙන යනු දැක විලාප නගන්නට පටන් ගත්තාය.

“උඹලා කොහොමද මගේ දුව අරන් යන්නේ,” ඇය කෑ ගැසුවාය.

එම අවස්ථාවේ ඉදිරිපත් වූ උපදේශිකාව දැරිය සංවේදී ප්‍රශ්නවලින් පීඩා විඳින හෙයින් ඇය මානසික උපදේශන සායනය සඳහා රැගෙන යන බව මවට දැනුම් දුන්නාය.

“මගේ අවසරයක් නැතිව මගේ දුවට උපදේශන සේවා සපයන්න උඹ කවුද?”

ළමා නිවාසයට ගෙන ගිය දැරිය ලිංගික අපයෝජන සඳහා ගොදුරු වූ ඇය වැනි තවත් දැරියන් සමඟ පසුගිය මාස දෙකක කාලයක් ජීවත් වූවාය. ළමුන් ලිංගික අපයෝජන සඳහා යොදාගනු ලැබීම අතින් ඉන්දියාවට ඇත්තේ ලජ්ජා සහගත වාර්තාවකි. එවැනි බොහෝ අපචාර සිදු කරනු ලබන්නේ වින්දිතයන් දන්නා හඳුනන පුද්ගලයන් විසින්මය. ඉන්දියානු නිලධාරීන්ගේ වාර්තා අනුව, පවුලේ නෑදෑයන්, අසල්වැසියන් සහ රැකියා කරන තැන්වල අයිතිකාරයන් විසින් ළමුන් ගොදුරු කර ගනු ලැබෙති.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

අපි ආදරය කරන කාලයේ අන්තර්ජාලය හරහා මගේ ශරීර අවයව පෙන්නන්න කියලා එයා මට කියනවා

Next Post

වට්ස්ඇප් සහ වයිබර් ගැටුම

Next Post
වට්ස්ඇප් සහ වයිබර් ගැටුම

වට්ස්ඇප් සහ වයිබර් ගැටුම

Hot Gossip

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

January 24, 2021
කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

January 23, 2021
දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

January 22, 2021
ප්‍රදේශ කිහිපයක භූ කම්පන

ප්‍රදේශ කිහිපයක භූ කම්පන

January 22, 2021
වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

January 21, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.