• Home
  • Advertise
  • Contact
Saturday, January 23, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip
    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Hot Gossip

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමන්න ගිය සිකුරුටි පෙම්වතා

January 5, 2021
in Hot Gossip
පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමන්න ගිය සිකුරුටි පෙම්වතා
0
SHARES
30
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අමල් කොළඹ ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. සාමාන්‍ය පවුලක ඉපදී ඔහු එම ප‍්‍රදේශයේම පාසලක අධ්‍යාපනය හැදෑරුවේය. කුඩා කල සිටම ඔහු ඉගෙනීමට උනන්දුවක් දැක්වූයේ නැත. එහෙත් විෂය බාහිර ක‍්‍රියාකාරකම් සඳහා ඔහු විශාල උනන්දුවක් දැක්වූයේය. එම නිසා පාසලේ ඔහු ජනප‍්‍රිය චරිතයක් බවට පත්විය.

යමක් කමක් දන්නා වයසේ සිටම ඔහු ස්ත‍්‍රි ඇසුරට විශාල කැමැත්තක් දැක්වූයේය. එම නිසා පාසල් කාලයේ දී පවා ඔහු පෙම්වතියන් කිහිපදෙනෙක්ම ඇසුරු කළේය. කොටින්ම කියතොත් පාසල් මිතුරන් ඔහු හැඳින්වූයේ ‘අනංගයා’ යන අන්වර්ථ නාමයෙනි. පාසල් අධ්‍යාපනයට සමු දුන් පසු ඔහු මිතුරන් සමඟ රංචු ගැසුවේය. වසර ගණනක් එලෙස ගත විය. ඒ අතර කාලය තුළ රැකියාවක් කිරීමට කැමැති වුවත් හරිහමන් අධ්‍යාපනයක් නොලද නිසා සමාජයේ පිළිගත් රැකියාවක් සොයා ගැනීමට ඔහුට අපහසු විය.

රැකියාවක් නොකළත් ඔහුට ලස්සන ඇඳුම් පැළඳුම්, ඉස්තරම් වර්ගයේ ඔරලෝසු සපත්තු ආදිය තිබුණි. එලෙසම උසට සරිලන මහත, බොකුටු කොණ්ඩය, මුහුණපුරා වැවුණු ඝන රැවුල සහ නිරන්තරයෙන් මුහුණේ රැඳි සිනහව ඔහුට ගෙන දුන්නේ අමුතුම ලස්සනකි. සැබැවින්ම කියතොත් අමල්ට තිබුණේ නළුවකුගේ පෙනුමකි. තම පෙනුම උපයෝගී කරගනිමින් තරුණියන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට අමල් සමත් විය. නිතරම පාහේ ඔහුට පෙම්වතියන් හතර පස්දෙනෙක් සිටියේය. ඒ බොහෝ අය ඔහුගේ රූපයට සහ කතාබහට රැවටුණ අයයි. රැකියාවක් නොකළ අමල් ජීවත් වූයේ එම තරුණියන් රවටා ලබාගත් මුදල් හදල් වලින්ය.

කලක් එලෙස ගතවන විට රැකියාවක් කිරීමේ ලොකු අවශ්‍යතාවයක් ඔහුට පැන නැගුණි. ඒ අනුව දන්නා හිතවතකු මාර්ගයෙන් රජයේ මුරකරු රැකියාවක් ඔහුට සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව ඔහු කොළඹ ප‍්‍රදේශයේ අධිකරණයක මුරකරුවකු වශයෙන් සේවය කළේය.

දිලිනි රූමත් තරුණියකි. පදිංචිය කොළඹ ප‍්‍රදේශයේය. එම ප‍්‍රදේශයම පාසලකට ගිය ඇය උසස් ලෙස පාසල් අධ්‍යාපනය හැදෑරූවාය. එහි ප‍්‍රතිඵලය වූයේ ඇය නීති පීඨයට තේරී පත්වීමයි. වසර ගණනක් එහි අධ්‍යාපන කටයුතු හැදෑරූ ඇය නීතිඥවරියක් ලෙස දිවුරුම් දුන්නාය. නීතිඥවරියක් ලෙස දිවුරුම් දුන් ඇය සිය රාජකාරි කටයුතු සිදු කළේ අමල් මුරකරුවකු ලෙස සේවය කළ අධිකරණය තුළයි. සති කිහිපයක් ඇය එම අධිකරණයේ සේවයට පැමිණියාය. ඒ අතර කාලය තුළ එහි සේවය කරන මුරකරුවකු තමාට විශේෂ සැලකිල්ලක් දක්වන බව ඇයට තේරුණාය. ඒ අමල්ය.

දිලිනි දුටු පළමු දිනයේම අමල්ගේ සිතේ ඇය ගැන විශේෂ ලෙන්ගතුකමක් ඇති වූයේය. එමනිසා ඔහු ”කෙලෙස හෝ මම මැය සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා” යැයි අධිෂ්ඨාන කරගත්තේය. ඒ අනුව ඔහු ඇයගේ සිත දිනා ගැනීම නොයෙක් උපක‍්‍රම යෙදුවේය. ඒ අනුව ඔහු සෑම උදෑසනකම ගුඞ් මෝනිං මැඩම්, ලස්සන ඔරලෝසුවක්, ලස්සන හෑන්ඞ් බෑග් එකක්, හෙයා ස්ටයිල් එක නිළියකගේ වගේ ආදී නොයෙක් දෑ පවසමින් ඇයව වර්ණනා කරයි. එයට අමතරව බලහත්කාරයෙන් ඇය ළඟට ගොස් උවමනා එපාකම් ඉටු කර දෙයි.

මාසයක් දෙකක් එලෙස ගත වෙද්දී දිලිනි ද අමල්ට විශේෂ ලෙංගතුකමක් දැක්වූවාය. ඒ අතර දෙදෙනා තම තමන්ගේ ජංගම දුරකථන අංක ද හුවමාරු කර ගත්හ. ඉන්පසු අමල් දිනපතාම පාහේ දුරකථනයෙන් ද ඇයගේ සුවදුක් විමසුවේය.

සති කිහිපයක් ගත වෙද්දී පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කරගැනීමට තරම් ඔවුහු ළං වූහ. දිලිනි විශේෂයෙන්ම රැවටී තිබුණේ අමල්ගේ කතාවට සහ ලස්සනටයි. තරුණියන් රැවටීමේ විශේෂ දක්ෂයකු වූ අමල් ඉතා සූක්ෂම ලෙස දිලිනිව ද රවටා ගත්තේය. කොතරම් උගත් තරුණියක් වූවත් දිලිනි අමල්ට රැවටුණාය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්වීමයි. දිලිනි තම පණ දෙවැනි කොට අමල්ට ආදරය කළාය. එහෙත් අමල් එසේ නොවුණි. ඔහුට ඇය තවත් එක් පෙම්වතියක් පමණයි. ඔහු තම මිතුරන්ට පවා පැවසුවේ ”මචං මට මේ පාර නියම කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා. ඒකි අපේ උසාවියෙ ලෝයර් කෙනෙක්. සල්ලි තියෙනවා හොඳට. මට පට්ට ආදරයක් තියෙන්නෙ. සල්ලිත් හොඳට වියදම් කරනවා.”

අමල් මිතුරන්ට කියූ කතාව සත්‍යයකි. දිලිනි ඇයට හදවතින්ම ආදරය කළ අතර ඔහුගේ සියලූම උවමනා එපාකම් ඉටුකර ගැනීමට ද මුදල් ලබා දුන්නාය. එයට අමතරව ඉදිරියේදී ඔහුට ව්‍යාපාරයක් කිරීමට ද මුදල් ලබා දෙන බවට පොරොන්දු වී තිබුණි. සල්ලාල ජීවිතයක් ගතකළ අමල් ඇයගේ ආදරය හරියාකාරව තේරුම් ගත්තේ නැත. ඔහුට උවමනා වූයේ ඇයගෙන් ලිංගික වින්දනයක් සහ මුදල් පමණි.ඒ අනුව විවේකයක් ලද සෑම මොහොතකම අමල් ඇයව ලැගුම් හල් වෙත රැගෙන ගියේය. ඒ යන අවස්ථාවලදී හොරෙන් ඇයගේ නිරුවත් පිංතූර ද ලබා ගත්තේය. ඔවුන්ගේ ආදර සම්බන්ධතාවයට මාස කීපයක් ගත විය. ඒ අතර කාලය තුළ එක් දිනකදි ඇයට අමල්ගේ සැබෑ ස්වරූපය දැනගැනීමට හැකි වූවා ය. ඔහු තමන් සිතූ පුද්ගලයා නොවන බවත් ස්ත‍්‍රී ලෝලියකු බවත් ඇය දැනගත්තේ එම මොහොතේදී ය. එය දැනගත් පසු ඇයගේ පපුව රිදුම් කන්නට වූවා ය. ඒ තමා පණ මෙන් ආදරය කර තිබුණේ වංචාකාරයකුට නිසාය.

”කරන්න දෙයක් නැහැ. මේක මගේ දෛවය වෙන්න ඇති. දැන්වත් ඔහුගේ සැබෑ ස්වරූපය දැනගන්නට ලැබුණ එක ලොකු වාසනාවක්. කමක් නෑ මම කොහොම හරි හිත හදාගන්නවා. මොකද ඒ වගේ වංචාකාරයෙක් වෙනුවෙන් තවත් දුක් වෙන්න ඕන නෑ.” ඇය එලෙස සිතමින් ටිකෙන් ටික සිත හදා ගත්තාය. එක්වරම ආදර සම්බන්ධතාවය නවතා දැමීම නිසා අමල් ඇය සමග සිටියේ දැඩි වෛරයකිනි. කිහිප වරක් ඇය මුණ ගැසීමට උත්සාහ කළත් එය අසාර්ථක වූවාය.

”එයාට එහෙම අපේ සම්බන්ධය නවත්තන්න දෙන්න බැහැ. එක නැවැත්තුවොත් අවාසි මටයි. තව කොච්චර ගලවගන්න පුළුවන්ද මෙයාගෙන්. හොඳින් හෝ නරකින් මම දන්නවා කරන්න ඕන දේ.” අමල් එලෙස සිතමින් දුරකථන ඇමතුමක් ලබාගෙන දිලිනිට මෙලෙස පැවසුවේය.

”දිලිනි මම ඔයා කියන ජාතියේ කෙනෙක් නොවෙයි. ඔයාට කවුරුහරි ලොකු බොරුවක් කියලා තියෙන්නේ. මාව විශ්වාස කරන්න.”

”අමල් මේක හොඳටම ඇති. මම හොඳට හොයල බැලූවා ඔයා ගැන. මට පාඩුවේ ඉන්න දෙන්න. ආයි මට කරදර කරන්න එන්න එපා. ඔයා වගේ කෙනෙක් සංසාරෙවත් මට එපා.”

”එහෙම කියන්න එපා. මම ඔයාට ඇත්තටම ආදරය කළා. ඒක පිළිගන්න.”

”ඔයා ඔය වගේ කතා තවත් කී දෙනෙකුට කියලා තියෙනවද. කරුණාකරලා මට කරදර කරන්න එපා. අවසන් වතාව මං මේ කියන්නෙ. ජීවිතේ කරපු ලොකුම මෝඩකම මම ඔයාට ආදරේ කරපු එක.”

”ඔයා ඔය ඇත්තටමද කියන්නේ. මමත් අවසන් වතාවට කියන්නේ. අපේ සම්බන්ධය නවත්වන්න බැහැ. එහෙමම කළොත් කරන දේත් මම දන්නවා.”

”ආයෙ මේ ආත්මෙට ඔයා එක්ක මම සම්බන්ධයක් පවත්වන්නේ නැහැ. ඇයි මට ජීවිතයටවත් කතා කරන්නවත් මුණගැහෙන්න වත් එපා. එච්චරයි.”

”එහෙම බෑ ලෝයර් නෝනා.”

”ඇයි ඔයා මට තර්ජනය කරනවා ද?”

”ඔව් එක ආකාරයකින් මේක තර්ජනයක් තමයි.”

”තමුන් කොහොමද එහෙම මට තර්ජනය කරන්නේ.”

”එහෙනම් හොඳට අහගන්න. ඔයා මේ සම්බන්ධතාවය නැවැත්තුවොත් මම හොඳ වැඩක් කරනවා. ඒක මතක තියාගන්න. මට උලත් එකයි පිලත් එකයි.”

”ඇයි මට මොනව කරන්නද. මාව මැරුවත් ආයි මේ සම්බන්ධතාවය නම් පටන් ගන්නෙ නෑ.”

”එහෙමද නෝනා. එහෙම වුණොත් මම ඔයාගේ නිරුවත් පිංතූර සේරම අන්තර්ජාලයට දානවා.”

”මගේ නිරුවත් පිංතූර ඔයා ළඟ කොහෙද?”

”අපි ගිය තැන්වල දී මම ඔයාට හොරෙන් ගත්තා. ඒක නිසා දඟලන්න එපා. මම කියන දේ අහල මට අවනත වෙන්න. එච්චරයි.”

එම වචන කිහිපය ඇසීමෙන් ඇය නිරුත්තර වූවාය. ඉහින් කනින් දාඩිය දැමුවාය. කරන්නේ කියන්නේ කුමක්ද කියා ඇයට එක්වරම සිතා ගැනීමට නොහැකි වූවාය. තමා ලොකු අමාරුවක වැටී ඇති බව ඇයට තේරුම් ගියාය. ක්ෂණිකව ජීවිතය නැති කරගන්න තරම් ඇයට සිතුණාය.

”නැහැ එහෙම කරන්න ඕනේ නැහැ. මේ වගේ වංචාකාරයින්ට නීතියෙන් දඬුවම් ලබාදෙන්න ඕනා. නැත්තං මෙවැනි අය ජීවිත කාලයටම මෙවැනි දේවල් කරලා අහිංසක තරුණියන්ව රවට්ටනවා.” ඇය එලෙස සිතා ”ඔයා කැමති දෙයක් කරන්න” කියා අමල්ට පැවසුවාය.

නීතිඥවරියක් වූ ඇයට ඉන්පසු සිදුකරන්න ඕනේ කුමක්ද කියා කාගෙන්වත් උපදෙස් ලබාගැනීමට උවමනා වූයේ නැත. වහාම ඇය තමන්ට වූ අසාධාරණය සහ තර්ජනය පිළිබඳව පැමිණිල්ලක් දැමුවාය. ඒ කොළඹ පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශයටයි.

පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ එම නිලධාරීහු වහාම එම සැකකරුව අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ දී ඔහුගේ ජංගම දුරකථනයේ තිබී පැමිණිල්ල දැමූ නීතිඥවරියගේ සහ තවත් කාන්තාවන් සියදෙනෙකුගේ පමණ නිරුවත් පිංතූර සොයාගැනීමට හැකි වූහ. නීතිඥවරියගේ සහ තවත් තරුණියන්ගේ නිරුවත් පිංතූර ලබාගත් වයස අවුරුදු විසි අටක් වන අධිකරණය භූමියේ මුරකරුවකු ලෙස සේවය කරන මෙම සැකකරුට තමන් සිදු කළ අපරාධවලට වන්දි ගෙවීමට කාලය දැන් එළඹ තිබේ. ආදරය මුවාවෙන් පණ දෙන්නට පැමිණ මෙවැනි අපරාධ සිදු කරන පෙම්වතුන් සමාජය තවත් බහුලව සිටිති. එම නිසා ඔහුගෙන් ප‍්‍රවේශම් වන්න. නැතහොත් ඔබටත් සිදුවන්නේ මෙවැනි කරදරවලට මුහුණ දීමටයි.

උපුටා ගැනීම – දිවයින

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

මැරුවාද? දිවිනසාගත්තාද? ගැහැණුද? පිරිමිද?

Next Post

සිංහල දරුවො 890,000 ක් වඳ කරලා??

Next Post
සිංහල දරුවො 890,000 ක් වඳ කරලා??

සිංහල දරුවො 890,000 ක් වඳ කරලා??

Hot Gossip

කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

January 23, 2021
දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

January 22, 2021
ප්‍රදේශ කිහිපයක භූ කම්පන

ප්‍රදේශ කිහිපයක භූ කම්පන

January 22, 2021
වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

January 21, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

January 21, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.