අද අළුයම පොලිසිය විසින් සිදුකරන ලද විශේෂ මෙහෙමකදී පාතාල කල්ලි සාමාජිකයෙක් මියගොස් තිබෙනවා.
මෙම පුද්ගලයා වේයන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මෙම සැකකරු පොලිසිය විසින් පසුගිය 19 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ පුද්ගලයෙකුගේ ගේ අත්පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනා මතයි.
මෙම පුද්ගලයා සමග අද අළුයම පොලිසිය කිසියම් මෙහෙයුමක් සඳහා වේයන්ගොඩ ප්‍රදේශයට ගොස් තිබෙනවා.
එහිදී ඇති වූ සිදුවීමක දී සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.