අමාත්‍ය සි බි රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන්, නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මරුදපාණ්ඩි රමේෂ්වරන් සහ නිමල් පියතිස්ස, ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඒ, ඔවුන් සහභාගී වූ රැස්වීම්වලට කොරෝනා ආසාදිත වු ආගරපතන ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහභාගී විම හේතුවෙන්. එම පිරිසට අමතරව නුවරඑළිය සහ කොත්මලේ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා එම නගර සභාවේ සේවකයින් 10 දෙනෙකු සහ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර යුතු බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම් ගනේෂ් පැවසුවේ.
ඉකුත් 17 දින මහනුවර පොල්ගොල්ල ප‍්‍රදේශයේ පැවති රැස්වීමකට ආගරපතන ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහභාගී වී තිබෙනවා.
එම රැස්වීමට සහභාගි වු නුවරඑලිය, කොටගල, අඹගමුව, නොර්වුඞ්, මස්කෙලිය යන ප‍්‍රාදේශීය සභාවල සභාපතිවරුන් ද ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා.