කොරෝනා වෛරසය ලෝකයේ අවසන් කොණත් ආක්‍රමණය කරගෙන තිබෙනවා.
ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය මහාද්වීප 07ම ආක්‍රමණය කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇන්ටාටිකාවේ තිබෙන චිලී රාජ්‍යයේ පර්යේෂණ ආයතනයක සේවකයින් 36 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරුව තිබෙනවා.
මෙම පිරිස නැවත චීලි රාජ්‍ය වෙත විශේෂිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයේ ඇති බව වාර්තාවන්නේ.
පර්යේෂණ ආයතනයේ සේවාවන් සාමාන්‍ය පරිදි කරගෙන යෑම සඳහා අලුතින්ම සේවයකින් පිරිසක් නැවත නිරෝධායන ක්‍රියාවලියකින් පසුව එම පර්යේෂණ ආයතන වෙත පිටත් කර යැවීමට කටයුතු කරන බවත් සඳහන්.
මේ වන විට රටවල් 29කට අයත් පිරිස් ඇන්ටාටිකාවේ පර්යේෂණ කටයුතුවල නිරත වෙමින් සිටියි.