කොරෝනා ආසාදිත සේවක සේවිකාවන් දිනපතා ඉහළ යාම හේතුවෙන් පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
කළුතර ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පවසන්නේ දැනට ආසාදිතයන් සියයක් හදුනාගෙන ඇති මෙම කර්මාන්තශාලාවේ දහසක් පමණ පිරිසක් සේවයේ යෙදී සිටින බවයි.
ආසාදිත පිරිස මේ වන විට ගිරිඋල්ලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා.
සෙසු පිරිස නවාතැන් ගෙන සිටින ස්ථානවලම නිරෝධායනයට ලක් කර ඇති බව සඳහන්.