දෙවන කොරෝනා රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව මේ දක්වා බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේ ගැබිනි මවුවරුන් 45 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී ඇතැයි වාර්තාවෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලින් ගැබිනි මවුවරුන් 10 දෙනෙකු ආසාදිතයන් බවට පත්වී තිබෙනවා.
බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයෙන් පෙරේදා සවස වෛරසය ආසාදිතයන් 130 දෙනෙක් එකවර වාර්තා වූ අතර මේ වන විට අටළුගම ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයන් 734 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ සමග බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 875කි.
පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අටළුගම වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් ඒ සඳහා ඉදිරිපත් නොවීම විශාල ගැටලුවක් බවට පත් වී ඇති අතර ඒ ගැන ද සැලකිල්ලට ගෙන ඔවුන් පදිංචි නිවෙස් ආසන්නයටම ගොස් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ වැඩසටහනක් ඉකුත් සිකුරාදා (19දා) ආරම්භ කළ බවත් සඳහන්.