ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා PT6 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.
පොලීසිය පවසන්නේ කන්තලේ ජනරංජන වැවට නුදුරින් පිහිටි ප්‍රදේශයට එම ගුවන් යානය කඩා වැටී ඇති බවයි.
ත්‍රිකුණාමලය – චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් නික්මුණු මෙම ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවේ එක් නියමුවෙකු පමණක් යානයේ රැදී සිට ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
එමෙන්ම අදාල ගුවන් යානාව සමග පැවති සංඥා බිඳ වැටී ඇති බවද ගුවන් හමුදා හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.