තලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු දැරියට ජංගම දුරකථනයක් මිලදී ගෙන දෙන බවට රවටා පසුගිය නොවැම්බර් මස 10 වැනි දින ඇයගේ නිවසේ පිටුපස පිහිටි ලිඳ ආසන්නයට ගෙන්වා ගෙන ඇය අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව ඔහු පෙරේදා(13)වැනි දින කුමාරඑළිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය කියයි.
වින්දිත දැරිය මෙම සිද්ධිය පෙරේදා(13)දින සිය මවට පැවසීමෙන් පසුව ඇය විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව බණ්ඩාරනායක මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
-දිවයින-