අලි මිනිස් ගැටුම් හේතුවෙන් ලොව වැඩිම වන අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් ලොව වැඩිම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි.
එහි පළමු ස්ථානයේ ඉන්දියාව පසුවනවා.
අලි – මිනිස් ගැටුම් සම්බන්ධව වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘථිවි රාජ් ප්‍රනාන්දුයි රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී මෙම කරුණු අනාවරණ කර ඇත්තේ.
වසරකට සාමාන්‍යයෙන් වන අලි 272ක් පමණ අලි – මිනිස් ගැටුම හේතුවෙන් මිය යන නමුත් පසුගිය වසර තුළ දී අලි 407 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
එමෙන්ම වන අලි පහර දීමෙන් සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයන් 85 දෙනෙකු මිය යන නමුත් පසුගිය වසරේ මිනිස් ජීවිත 122 ක් වන අලි පහරදීමෙන් අහිමිව ඇති බවද මෙම කාරක සභාවේදී අනාවරණය වුණා.
මේ සඳහා කඩිනම් පියවර සාකච්ජා කර සති 3ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසයි රාජ්‍ය ගිණුම් කාරක සභා සභාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.