පසුගිය වසරේ සිදුවූ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබා දීම සඳහා ඊයේ (10) පැමිණි සමස්ත ලංකා ජයමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති සැකකටයුතු පාර්සල් කිහිපයක් කොමිෂන් සභාව ඇතුළට රැගෙන ගොස් තිබෙන බව ප්‍රකාශ වුණා.
පසුව ඒ පිළිබඳ සොයා බැලීමේදී එම පාර්සල්වල තිබී ඇත්තේ වටලප්පන් බව තහවුරු වී තිබුණා.
ඊයේ (10 වැනිදා) සාක්ෂි දීමට පැමිණි සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති කොමිසම් සභාවට ඇතුළු වන අවස්ථාවේ බාහිරින් ආවරණය කරන ලද කිසිවක් සභාව ඇතුළට රැගෙන යන අයුරු මාධ්‍යවේදීහු නිරීක්ෂණය කර තිබෙන බව වාර්තා වුණා.
මේ පිළිබඳව කොමිසම් සභාව ඉදිරිපිට සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී කියා සිටියේ එම පාර්සල් පරීක්ෂාවට ලක් කළ අතර, එහි වටලප්පන් තිබෙන බව නිරීක්ෂණය වූ බවයි. එය කුමකට රැගෙන යන්නේ යැයි විමසූ විට ‘කොමිසම් සභාවේ නිලධාරීන්ට දීමට රැගෙන යන බව’ සඳහන් කළ බවයි.
කෙසේ වෙතත් ඉන් මොහොතකට පසු මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය වූයේ අදාළ පාර්සල් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා පැමිණි මෝටර් රථයට යළි දමාගන්නා ආකාරයයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාව මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.