කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඊයේ අළුයම් කාලයේදී ඇතුලත් කරනු ලැබූ මෝදර ප්‍රදේශයේ පදිංචි දින 20ක් පමණ වයසැති බිලිඳෙකු අද සවස ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය ප්‍රකාශ කර සිටිනවා.
ඊයේ අළුයම 4.00 ට පමණ මෙම බිලිඳා රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කරනු ලබන අවස්ථාවේදී තදබල නියුමෝනියා තත්ත්වයෙන් සිට ඇති බවත් සිදුකළ PCR පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිට ඇති බවට ද තහවුරු වූ බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.
බිළිඳාගේ මව්පියන්ට කොවිඩ් ආසාදනය වි නොමැති බව ඔවුන්ට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් අනාවරණ වි ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.