• Home
  • Advertise
  • Contact
Sunday, April 11, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

අටුළුගමින් හා වටරැකින් මතු වූ ගොන් නාම්බන්ගේ කතාව

December 4, 2020
in Hot Gossip
අටුළුගමින් හා වටරැකින් මතු වූ ගොන් නාම්බන්ගේ කතාව
0
SHARES
132
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොරෝනා වසංගතය මුළු රටටම බලපෑම් කර ඇති මොහොතක එය වළක්වා ගැනීම සඳහා සියලූ දෙනාම කැපවිය යුතුය. තමන් නියෝජනය කරනු ලබන්නේ කුමන සමාජ ස්ථරය වුවද මනුෂ්‍යත්වයේ නාමයෙන් කොරෝනා වැළැක්වීම සඳහා සිය දායකත්වය ලබාදිම පිංකමකි. රටත් ජාතියත් අනතුරේ නොහෙලා අප සමාජයේ බහුතරය ක‍්‍රියාකරද්දී සමහර ගොන් නාම්බන් නටන පිස්සුව පිළිබඳව අපට ඇත්තේ දැඩි පිළිකුලකි.

මහජන සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් බණ්ඩාරගම අටුළුගම ප‍්‍රදේශයට යනුයේ එම ප‍්‍රදේශයේ ආසාදිතයකු රෝහල්ගත කිරීම පිණිසය. එම අවස්ථාවේදී අදාළ ආසාදිතයා එම නිලධාරීන්ට බැණවැදී කෙළ ගැසූ අයුරු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපට දැකගත හැකි විය. විශේෂයෙන්ම මෙම ආසාදිතයාගේ හැසිරීම සෙම් සොටුවලට ප‍්‍රියකරන පිසාචයකුගේ තරම් පහත් ය. මෙම සිද්ධිය නිසා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දෙදෙනකුට සහ ඔවුන් ගමන් කළ කැබ් රථයේ රියැදුරුට දින දහහතරක් නිරෝධායනයට ලක්වීමට සිදුවිය. නිරෝධායනය නීති තදින් ක‍්‍රියාත්මකව ඇති මෙම මොහොතේදී කිසිදු වගකීමක් නැතිව හැසිරුණු මෙම සුනඛයා වහාම බැඳ දමන්නැයි අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

කොරෝනා ව්‍යාප්ත වූ ප‍්‍රදේශ අතරින් වඩාත් කතාබහට ලක් වූ ප‍්‍රදේශයක් ලෙස අටුළුගම හඳුන්වා දිය හැකිය. පළමු අවස්ථාවේදී කොරෝනා රෝගය ව්‍යාප්ත වූ අවස්ථාවේදී අටුළුගම බේරාගනු ලැබුණේ එම ගම්මානය සම්පූර්ණයෙන්ම හුදෙකලා කර තබමිනි. නමුත් එම ප‍්‍රදේශයේ සමහරුන් ක‍්‍රියා කළේ කිසිදු සමාජ වගකීමකින් තොරවය. අටුළුගම හුදෙකලා කළ අවස්ථාවේදී පිරිසක් බොල්ගොඩ ගඟ දිගේ පලා ආහ. එම තත්ත්වය පාලනය කිරීමට නාවික හමුදාවට වෙනමම මෙහෙයුමක් කරන්නට සිදුවිය.

අටුළුගම දෙවැනි වතාවටත් හුදෙකලා කිරීමට සිදුවනුයේ යළිත් එම ගම්මානයෙන් කොරෝනා රෝගීන් හමුවීම නිසාය. දෙවැනි වරටත් අටුළුගමින් කොරා්නා රෝගීන් හමුවන්නේ ද කිසි වගකීමකින් තොරව හැසිරුණු පිරිසක් නිසාවෙනි. එම අවස්ථාවේදී කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කෙරිණි. එහිදී ඇතැම් පිරිසක් දී ඇත්තේ බොරු ලිපින බව පසුව හෙළිවිණි. මෙම තත්ත්වය හමුවේ පී.සී.ආර්. පොසිටිව් වූවන්ගේ ආශ‍්‍රිතයන් සොයා ගැනීමට සෞඛ්‍ය අංශවලට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. දිගින් දිගටම අටුළුගම ප‍්‍රදේශයෙන් කොරෝනා රෝගීන් වාර්තා වනුයේ එම පළාතේ සමහරුන්ගේ නොමනා ක‍්‍රියාකලාපය නිසා බව සොයාගත් ආරක්‍ෂක අංශවලට ඩ්‍රෝන කැමරා යොදා එම පළාතේ ජනතාවගේ හැසිරීම නිරීක්‍ෂණය කිරීමට සිදුවිය. කොළඹට සාපේක්‍ෂව සීමාසහිත ජනතාවක් සිටින අටුළුගමට ඩ්‍රෝන කැමරා යොදවා නිරීක්‍ෂණය කිරීමට තරම් එම ප‍්‍රදේශයේ ඇතැම් අයගේ හැසිරීම වගකීම් සහගත නොවීම පිළිබඳව එම පිරිස ලැජ්ජාවට පත්විය යුතුය. අටුළුගම යනු තවත් මුදා නොගත් කලාපයක් නොවන බව මේ අය සිහිතබා ගත යුතුය.

මේ අතර මහර බන්ධනාගාරයේ විශේෂ රාජකාරියක් සඳහා ගිය වටරැුක බන්ධනාගාරයේ ජේලර්වරයකු හැසිරී ඇත්තේ අප ඉහතින් සඳහන් කළ ‘අටුළුගම නාම්බාට’ නොදෙවැනි ආකාරයටය.

සිද්ධිය සැකෙවින් මෙසේය.

මෙම ජේලර්වරයා මහර බන්ධනාගාරයේ ඇති වු කැරැල්ලත් සමඟ එහි විශේෂ රාජකාරි සඳහා යොදවා තිබිණි. මහර බන්ධනාගාරයේ බහුතරයක් රැඳවියන්ට කොරෝනා රෝගය ආසාදනය වී තිබුණු නිසා එහි විශේෂ රාජකාරි සඳහා ගිය නිලධාරීන්ට දින දාහතරක කාලයක් නිවාඩු ලබා දීමට බන්ධනාගාර උසස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි. ඒ අනුව මහර රාජකාරි නිමාකර යළි වටරැක බන්ධනාගාරය වෙත ආ මෙම ජේලර්වරයා ‘‘මහ එවුන්ට වගේ උඹලටත් කොරෝනා බෝ කරන්න ඕනෑ.’’ යැයි පවසමින් වටරැක බන්ධනාගාරයේ දොරටු පාලක ඇතුළු නිලධාරීන් කීපදෙනකු බදාගෙන ඇත. ඉන් පසුව මෙම ජේලර්වරයා නිලධාරි විවේකාගාරයට ගොස් එම ඇඳන්වල නිදාගෙන තිබේ. එපමණක් නොව එම නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ අනෙකුත් ඇඳුම් පැළඳුම් ද අතට ගෙන පොඩිකර තිබේ.

මෙම ජේලර්වරයාගේ ක‍්‍රියාකලාපය දෙස බැලූ විට පෙනී යන්නේ ඔහු චේතනාන්විතව තමන්ට කොරෝනා රෝගය වැළඳී ඇත්නම් අන් අයට ද එය බෝකළ යුතු යැයි යන නීච මානසික තත්ත්වයක සිටි බවයි.

මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම පිනකි. එම මනුෂ්‍ය ආත්මභාවය තුළ කළ යුත්තේ තවදුරටත් කුසල් රැුස්කර යන තැනකට යහපතක් කර ගැනීමය. නමුත් ඉහතින් සඳහන් කළ පුද්ගලයන් දෙදෙනාගේ හැසිරීම වඩා ළංවනුයේ සතර අපායටය. කොරෝනා වසංගතයෙන් රට පීඩාවට පත්ව ඇති මෙම මොහොතේ තමනුත් කොරෝනා රෝගයට ගොදුරු නොවී අනෙකාටත් රෝගය පතුරුවා නොසිටීම පිනක් බව සියලූ දෙනාම සිතට ගත යුතුය. තමන්ට වැළඳුණු රෝගය අනෙකාටත් බෝකරන තරම්ම පහත් දීන මානසික තත්ත්වයකට යෑමට සිතීම පවා අප ලැබූ මනුෂ්‍ය ආත්මභාවයට කරන නිග‍්‍රහයකි.

-දිවයින ඇසුරෙණි-

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

සමාජ මාධ්‍යවල බලපෑමක් නෑ කී බුරවි කළ දේ මෙන්න – පුද්ගලයෙක් අතුරුදන්

Next Post

වසර 59 කට පසු ගංජාවලට හොඳ කලක් ?

Next Post
වසර 59 කට පසු ගංජාවලට හොඳ කලක් ?

වසර 59 කට පසු ගංජාවලට හොඳ කලක් ?

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.