බලන්ගොඩ, ඇල්ලෙවත් ප්‍රදේශයේ නිවසක ඇති කරන සුනඛයෙකු විසින් ඒ අසල ඇති වෙනත් නිවසක ඇති කරන ගවයෙකුගේ වලිගයෙන් කොටසක් කා දැමිමෙි සිද්ධියක් හේතුවෙන් නිවසියන් දෙපිරිස අතර ඇති වු ගැටුමකින් දෙදෙනකු තුවාල ලබා ඊයේ (30) දා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසනවා.
එම ගැටුමේදී ඇල්ලෙවත්ත ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයාට උදලු පහරක් වැදි ඇති අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර (43) හැවිරිදි පුද්ගලයා බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
බලන්ගොඩ, ඇල්ලෙවත්ත නොමිබර් 02 කොටසේ නිවසක ඇති කරන සුනකයෙකු විසින් ඒ ආසන්නයේ ඇති නිවසක ඇති කරන ගවයෙකුගේ වලිගයෙන් කොටසක් කා දමා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගවයාගේ හිමිකරුවන් විසින් සුනකයාගේ හිමිකරැවන් වෙත දන්වා ඇති අතර එහිදී දෙපිරිස අතර බහින් බස් විමක් සිදු ඇති අතර මෙිි දෙපිරිස අතර කාලයක පටන් ඇති අමනාපයක් ද තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. එහිදී බහින් බස් විම දුරදිග ගොස් එය ගැටුමකින් අවසන් වි තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පවත්වනවා.