බෙල්ජියමේ පරවියෙකු ලෝකයේ වැඩි ම මුදලකට අලෙවි වූ පරවියා ලෙස නව වාර්තාවක් තැබීමට සමත්ව තිබෙනවා.
බෙල්ජියමේ පියාසර තරගවලට ඉදිරිපත් කෙරෙන New Kim නමැති එම පරවියා යුරෝ මිලියන 1.6ක මුදලකට වෙන්දේසි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
වසර 2ක් වයසැති එම පක්ෂියා වෙනුවෙන් මූලිකව නියම වූ මිල යුරෝ 200ක් පමණි. එහෙත්, චීන ජාතිකයෙකු එම පරවියා යුරෝ මිලියන 1.6ක මුදලකට මිල දී ගැනීමෙන් පසු මෙය වාර්තාවක් බවට පත්වුණා.
මෙම පරවියා හදාවඩා ගත් කර්ට් වෑන් ඩි වූවර් නමැත්තා පවසා ඇත්තේ, සිය පරවියාට නියම වූ මිල අසා විස්මයට පත්වූ බවයි.
මීට පෙර වැඩි ම මිලකට අලෙවි වූ පරවියා වූයේ, Armando නමැත්තෙකි. Lewis Hamilton of pigeons නමැති සුරතල් නාමයෙන් ද හැඳින්වූ එම පරවියා පසුගිය වසරේදී යුරෝ මිලියන 1.25කට අලෙවි වුණා.