කොළඹ නගර සභා සීමාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පැවතීම හේතුවෙන් එම නගර සභා සීමාව තුළ සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව මේ වන විට පස් ගුණයකින් වැඩි කර ඇති බව කොළඹ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසනවා.
කොල්ලූපිටිය, බොරැල්ල, කොටුව ඇතුළු කොළඹ නගරයේ ප‍්‍රදේශ රැසකින්ම දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීම මත මෙම පියවර ගත් බව ඔහු කීවේය. මෙහිදී අවදානම් කණ්ඩායම් සම්බන්ධයෙන් මෙන්ම අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් සඳහා ද මෙම පරීක්ෂණ සිදු කෙරෙනවා.
කොළඹ නගරයේ කොරෝනා වෛරසයේ ශීඝ‍්‍ර පැතිරීමක් දක්නට ඇතත් ජනගහනයෙන් කෙතරම් ප‍්‍රතිශතයකට වෛරසය ආසාදනය වී තිබේදැයි නිශ්චිතවම පැවසිය නොහැකි බවයි වෛද්‍ය විජේමුණි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.