කිලිනොච්චි හි කරච්චි ප්‍රදේශයේ තාවකාලික නිවසක බිත්තිය කඩා වැටීමෙන් 8 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.
කිලිනොච්චි පොලිස් කොට්ඨාශයට අයත් තොන්ඩමන්නගර් ප්‍රදේශයේදී මෙම සිද්ධිය වාර්තා වුණා.
පසුගිය දින කිහිපය තුළ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක්ද තිබී ඇති අතර තෙත්වූ බිත්තියක් ඇගමතට කඩා වැටීමෙන් මෙම අවාසනවාන්ත සිද්ධිය සිදුවී තිබෙනවා.
මව ආහාර පිළියෙළ කරමින් සිටින අතරතුර මෙම සිද්ධිය සිදුව ඇති අතර අසල්වැසියාගේ සහාය ඇතිව කිලිනොච්චි රෝහලට ගෙන ගොස් ඇති අතර ඒ වන විටත් නිරෝයාන් රුසන්තන් නම් එම දරුවා මියගොස් සිටි බවයි වාරතාවන්නේ.
කෙසේ වුවද එම ප්‍රදේශයේ ගංවතුර ජලය එකතැන පල්වීම විවිධ පාර්ශවයන්ගේ අවධානයට යොමු කිරීම සඳහා කිසිදු විසඳුමක් ලබා දී නොමැති බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන අතර
කරච්චි ප්‍රදේශිය සභාව ජලාපවහන පහසුකමක් ලබා දෙන ලෙස පුන පුනා ඉල්ලා සිටියද, මෙතෙක් විසඳුමක් ලැබී නැහැ..