‘Junior Masterchef Australia 2020’ හි කිරුළ හිමි කරගන්නට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 11 හැවිරිදි ජෝර්ජියා සමත් වුනා.
එම වැඩසටහනෙහි අවසන් මහා තරගය ඔස්ට්‍රේලියානු රූපවාහිනී නාලිකාවක් වන Network 10 හි ඊයේ (09) විකාශය වුණු අතර සෙසු තරගකරුවන් අභිබවා ජයග්‍රාහකයාට හිමි ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000ක් මුදල් ත්‍යාගය ද ජෝර්ජියා දිනා ගත්තා.
ජෝර්ජියා ඇතුළුව අවසන් වටය නියෝජනය කරමින් තරගකරුවන් තිදෙනෙක් ‘Junior Masterchef Australia 2020’ සඳහා සහභාගී වුණු අතර ඔවුන්ට පැවරුණු අභියෝගය වූයේ තරග වට දෙකකදී ප්‍රධාන ආහාර වේලක් සහ අතුරු පසක් සෑදීමය.
සාඩම්බරකාර ශ්‍රී ලංකික උරුමයේ හිමිකාරියක වන ජෝර්ජියා සිය ප්‍රධාන ආහාර වේල සඳහා ශ්‍රී ලංකික ආහාර වේලක් වන ඌරු මස් ව්‍යාංජනයක්, කජු ව්‍යාංජනයක්, වම්බටු ව්‍යාංජනයක්, පපඩම්, පිපිඤ්ඤා රයිතා සහ කහ බතක් සකස් කළාය.
එමෙන් ම, toasted coconut ice cream, brown bread crumb, Davidson plum pearls, Davidson plum meringues සහ lemongrass granita එකතුවෙන් අතුරුපසක් ද ඇය සකස් කළාය.
එම අතුරුපස ඇය නම් කළේ ‘Tropical Mess’ ලෙසය.
ශ්‍රී ලාංකික සූපවේදයෙන් ‘Junior Masterchef Australia 2020’ හි කිරුළ හිමි කරගත් පුංචි ජෝර්ජියා පවසා සිටියේ, ලැබුණු මුදල් ත්‍යාගයෙන් කුමක් කරනවා ද යන්න පිළිබඳව අදහසක් නැතත් ආහාර සම්බන්ධ දෙයකට එම මුදල භාවිතා කරන බවය.