දෙසැම්බර් මාසයේ රටවල් 12ක රූපගත කිරීමට නියමිත සජිද් නදිඩ්වාලාගේ ‘හීරෝපාන්ති’ දෙවැනි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට මේ වනවිට තවත් යොවුන් නිළියක් තෝරා ගෙන ඇතැයි වාර්තා වනවා. මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නට සැළසුම් කළ කාලයේ මෙහි ප්‍රධාන චරිත සඳහා ‘හීරෝපාන්ත්’ පළමු චිත්‍රපටයේ රඟපෑ ටයිගර් හා ක්‍රිති ෂැනොන් තෝරා ගත් බවට වාර්තා වුනා.
එහෙත්, මේ වනවිට ක්‍රිති ෂැනොන් වෙනුවට මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ටයිගර් සමග තාරා සුටාරියාගේ නම යෝජනා වී තිබේ. තාරා සුතාරියා බොලිවුඩ් සිනමාවට පැමිණි ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ දෙවැනි චිත්‍රපටයේද තාරා පළමු වරට රංගනයෙන් දායක වූයේ ටයිගර් සමග වීම විශේෂත්වයකි.