පාස්කු බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන සහරාන් හසින්ගේ බිරිඳටද කොරෝනා රෝගය ආසාදනය වීම නිසා අද (07) පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත දැඩි ආරක්ෂාව යටතේ රැගෙන ආ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.
වැලිකඩ බන්ධනාගාරයේ සිටි අවුරුදු 25 හැවිරිදි අබ්දුල් කාදර් ෆාතිමා හදියා නම් වූ ඇය බන්ධනාගාර හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව මත රෝහල කරා රැගෙන ආ බවයි වාර්තා වන්නේ,
ඇය සමග වැලිකඩ බන්ධනාගාරයේ සිටි කොරොනා ආසාධිතයින් 28 දෙනෙකු මේ වනවිට වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙනවිත් අවශ්‍ය පහසුකම් හා ප්‍රතිකාර ලබාදෙන බවත් සඳහන්.