පුත්තලම ආනන්ද ජාතික පාසැල අසළ මාර්ගයේ දී නිරෝධායනයට ලක්ව සිටි අයෙකු මරණයට පත්ව සිටිනවා.
දින 14ක නිරෝධායනයකින් පසුව සිය නිවෙස බලා යමින් සිටියදී මෙම තැනැත්තතා ඊයේ (05) අතරමඟදී මිය ගොස් ඇති බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඔහුගේ දේහය ඉදිරි විමර්ශන සඳහා පුත්තලම රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
අද දින මෙම තැනැත්තාගේ පී.සී.ආර් පරික්ෂාවක් කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද එම මධ්‍යස්ථානය පවසනවා.
8 C කුරුණෑගල පාර ,පුත්තලම ලිපිනයේ පදිංචි 55 හැවිරිදි ඔහු ධර්මලිංගම් වසන්දන් නම් වනවා.
