සුප්‍රසිද්ධ ඉටි පිළිරූ කෞතුකාගාරය වන මැඩම් ටුසෝඩ්ස් කෞතුකාගාරයේ ජර්මානු ශාඛාවේ තිබූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉටි පිළිරුව කුණු කූඩයට දැමීමට එම ආයතනයේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා සහ වර්තමාන ජනාධිපතිවරයාව ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් විසින් පරාජයට පත් කරනු ඇති බවට මෙමඟින් ඉඟි පළ කිරීම උදෙසා මෙය සිදු කර ඇතැයිද වාර්තා වනවා.
කෞතුකාගාරයේ වෙළෙඳ කලමණාකාරවරයා විසින් පවසා ඇත්තේ මෙය සංකේතාත්මකව සූදානම් කිරීමේ පියවරක් ලෙස සිදු කරන ලද දෙයක් බවයි.
මෙම සුප්‍රසිද්ධ ඉටි කෞතුකාගාරය විසින් මීට පෙර ඇමෙරිකාවේ තේරී පත් වූ ජනාධිපතිවරුන්ගේ ඉටි පිළිරූ මීට පෙර මෙලෙස විසි කර දැමීමක් හෝ ඉවත් කර දැමීමක් සිදු නොකර ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිරුවක් පමණක් මෙලෙස කුණු කූඩයට දමා තිබෙනවා.