අඩි හයයි අඟල් හතක් දිග අසාමාන්‍ය දිගකින් යුතු මඤ්ඤොක්කා අලයක් නොච්චියාගම හිරියාලේගම ප‍්‍රදේශයේ පිහිටි වගා බිමකින් හමුවී තිබෙනවා.
නොච්චියාගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රියැදුරු ආර්. සේනාරත්න මහතාට අයත් වගා බිමෙහි තිබී මෙම මඤ්ඤොක්කා අලය හමුවී තිබෙනවා.
සේනාරත්න මහතා පවසන්නේ තමන් හා තම බිරිඳ වගා බිමෙහි වූ මඤ්ඤොක්කා ගසක් ගැලවීමට උත්සාහ ගැනීමේදී එය තරමක් අසීරු වීම හේතුවෙන් පරීක්ෂා කර බැලීමේ දී මෙම මඤ්ඤොක්කා අලය තරමක් දිගට වැඞී තිබෙන අයුරු දුටු බවයි. ඒ අනුව පරීක්ෂාකාරීව ගලවා බැලීමේ දී මෙම අසාමාන්‍ය අලය හමුවූ බවත් මෙයට පෙර ද මෙම ගස ආශි‍්‍රතව සමාන්‍ය ප‍්‍රමාණයට වඩා දිගැති මඤ්ඤොක්කා අලයක් හමුවූ බවත් ඔහු කියයි. මෙය තවමත් වැඩෙමින් පවතින මඤ්ඤොක්කා අලයක් බව ද ඔහු පැවසුවා.